Skip to content

පටුනට යන්න

ජනවාරි 15-21

යෝබ් 36-37

ජනවාරි 15-21

ගීතිකා අංක 147 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. සදාකාල ජීවිතය කියන පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන් ඇයි?

(විනා. 10යි)

යෙහෝවා සදාකාලයටම ජීවත් වෙනවා (යෝබ් 36:26; w15 10/1 13 1-2¶)

ජීවත් වෙන්න අවශ්‍ය දේවල් දෙන්න යෙහෝවාට ප්‍රඥාවයි, බලයයි තියෙනවා (යෝබ් 36:27, 28; w20.05 22 6¶)

සදාකල් ජීවත් වෙන්න කරන්න ඕන දේ යෙහෝවා කියලා දෙනවා (යෝබ් 36:4, 22; යොහ 17:3)


සදාකාල ජීවිතයක් දෙන්න දෙවියන් වුණ පොරොන්දුව තදින් විශ්වාස කරන එක ප්‍රශ්න එද්දී වැටෙන්නේ නැතුව ඉන්න ලොකු ශක්තියක්. —හෙබ්‍රෙ 6:19; w22.10 28 16¶.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෝබ් 37:20—බයිබලය ලියපු කාලේ ඒ ප්‍රදේශවල ප්‍රවෘත්ති පැතිරුණේ කොහොමද? (it-1-E 492)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. උනන්දුව දක්වන කෙනා එයා මූණ දෙන ගැටලුවක් ගැන කතා කරද්දී ඒකට බාධා නොකර එයාව තේරුම් අරන් වැඩ කරන විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. සාකච්ඡාව අතරමඟදී නිවැසියා අහපු දෙයක් නිසා එයාට ගැළපෙන විදිහට ඊළඟට කියන දේ වෙනස් කරන විදිහ පෙන්වන්න. (th 13වෙනි පාඩම)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) දේශනය. ijwfq 57 5-15¶—තේමාව: නාට්සි සමූල ඝාතනයේදී සාක්ෂිකරුවන්ට වධ දුන්නේ ඇයි? (th 18වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 49

7. හදිසි තත්වෙකට ලෑස්ති වෙලා ඉන්න

(විනා. 15යි) සාකච්ඡාවක්. වැඩිමහල්ලෙක් මෙහෙයවන්න ඕනේ.

ලේ ගැන යෙහෝවා දෙවියන් දීලා තියෙන නීතියට කීකරු වෙන්න උදව් වෙන ගොඩක් දේවල් ඔහු අපිට දීලා තියෙනවා. (ක්‍රියා 15:28, 29) ඔයා ඒවාවලින් උපරිම ප්‍රයෝජන ගන්නවාද?

‘ස්ථාවර ඇටෝනි බලපත්‍රය’ (DPA) සහ ‘හැඳුනුම්පත’ (ic): මේ කාඩ්වලින් ලේ ගැන රෝගියෙක් අරන් තියෙන ස්ථාවරය විස්තර කරනවා. බව්තීස්ම වුණ ප්‍රචාරකයෙක්ට පුළුවන් පොත් අංශයේ සහෝදරයාගෙන් DPA කාඩ් එකක් ඉල්ලගන්න. එයාට පොඩි දරුවෙක් ඉන්නවා නම් ‘හැඳුනුම්පතක්’ (ic) ඉල්ලගන්න පුළුවන්. මේ කාඩ් එක හැම වෙලාවෙම ළඟ තියාගන්න ඕනේ. ඔයා තාමත් එකක් පුරවලා නැද්ද? පුරවපු එකේ තොරතුරු අලුත් කරන්න ඕනෙද? එහෙනම් කල් දාන්නේ නැතුව ඒක ඉක්මන්ටම කරන්න!

‘ගැබ්ගෙන ඇති මව්වරුන්ට අවශ්‍ය තොරතුරු’ (S-401) සහ ‘ශල්‍යකර්ම සහ කීමෝතෙරපි ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය තොරතුරු’ (S-407): ප්‍රතිකාරයකට හොඳින් ලෑස්ති වෙන්න, ලේ ගැන ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න අඩු කරගන්න නැත්නම් වළක්වාගන්න ඒ ලිපිවල තොරතුරු අපිට උදව් වෙනවා. ඔයාට බබෙක් හම්බෙන්න ඉන්නවාද? ඔපරේෂන් එකක් කරන්න, පිළිකාවකට ප්‍රතිකාර ගන්න බලන් ඉන්නවාද? එහෙනම් ඒ ලිපි දෙකෙන් ඔයාට ඕනෙ කරන ලිපියේ කොපියක් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලගන්න.

රෝහල් සබඳතා කමිටුව (HLC): මේ කමිටුවේ ඉන්න වැඩිමහල්ලෝ ලේ සම්බන්ධ කාරණාවලදී දොස්තරලාටත් ප්‍රචාරකයන්ටත් ඕනෙ කරන තොරතුරු දෙන්න හොඳින් පුහුණු වෙලා ඉන්නවා. ලේ දෙනවා වෙනුවට දෙන්න පුළුවන් වෙනත් ප්‍රතිකාර මොනවාද කියලා ඔයාගේ දොස්තර එක්ක කතා කරන්න එයාලට පුළුවන්. ඕනෙ වුණොත් ලේ ගැන ඔයා අරන් තියෙන තීරණයට ගරු කරන දොස්තර කෙනෙක්ව හොයාගන්නත් එයාලා උදව් කරනවා. එයාලා සතියේ ඕනෙම දවසක පැය 24ම ඔයාට උදව් කරන්න ලෑස්තියි. ඔයාට ඉස්පිරිතාලේ නවතින්න වෙනවාද? ඔපරේෂන් එකක් කරන්න තියෙනවාද? තෙරපි එකක් කරන්න වෙනවාද? (පිළිකාවකට කරන කීමෝතෙරපි නැත්නම් රසායන චිකිත්සාව වගේ) ඒ වගේ ඕනෙම වෙලාවක HLC සහෝදරයන්ට පුළුවන් තරම් ඉක්මන්ට කතා කරන්න. ඒ වගේ අවස්ථාවක ‘ලේ ගැන ප්‍රශ්නයක් එන එකක් නැහැ’ කියලා හිතුණත් එයාලට කතා කරන්න. බබලා හම්බෙන්න ඉන්න අම්මලාත් ඒක කරන්න ඕනේ. HLC සහෝදරයන්ගේ උදව් ඕනෙ නම් එයාලාගේ ෆෝන් නම්බර් එක ඔයාගේ සභාවේ වැඩිමහල්ලෙක්ගෙන් ඉල්ලගන්න.

‘රෝහල් සබඳතා කමිටුව අපිට උදව් කරන විදිහ’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

ප්‍රතිකාරයක් නැත්නම් ඔපරේෂන් එකක් කරන්න වෙද්දී HLC සහෝදරයෝ ඔයාට උදව් කරන්නේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 67 සහ යාච්ඤාව