Skip to content

පටුනට යන්න

ජනවාරි 22-28

යෝබ් 38-39

ජනවාරි 22-28

ගීතිකා අංක 11 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. නිර්මාණ දිහා බලන්න ඔයා කාලය ගන්නවාද?

(විනා. 10යි)

පොළොවත් ඒකේ තියෙන දේවලුත් නිර්මාණය කළාට පස්සේ යෙහෝවා ඒවා දිහා ආයෙත් බලන්න කාලය ගත්තා (උත් 1:10, 12; යෝබ් 38:5, 6; w21.08 9 7¶)

දේවදූතයොත් ඒ දේම කරන්න කාලය ගත්තා (යෝබ් 38:7; w20.08 14 2¶)

නිර්මාණ දිහා බලලා ඒවා අගය කරන්න කාලය ගත්තොත් යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසය තව වැඩි කරගන්න පුළුවන් (යෝබ් 38:32-35; w23.03 17 8¶)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෝබ් 38:8-10—යෙහෝවා නීතිදායකයෙක් කියලා මේ පදවලින් පේන්නේ කොහොමද? (it-2-E 222)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) අවිධිමත්ව. සවන් දෙන කෙනා තවත් කතා කරන්න කැමති නැහැ කියලා තේරුණොත් සාකච්ඡාව කාරුණික විදිහට අවසන් කරන්න. (th 20වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 5යි) ගෙයින් ගෙට. කලින් කරපු සාකච්ඡාවකදී ඒ කෙනා කියලා තිබුණා එයා ආදරේ කරපු කෙනෙක් ළඟදී මැරුණා කියලා. (th 12වෙනි පාඩම)

6. දේශනය

(විනා. 5යි) තේමාව: ළඟදීම ලොකු වෙනසක් වෙනවා කියලා අද සිද්ධ වෙන දේවල්වලින් පේනවා.—මතෙ 24:3, 7, 8; ලූක් 21:10, 11; 2තිමෝ 3:1-5. (th 18වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 111

7. අපේ ප්‍රශ්න ලොකු කරගන්නේ නැතුව ඉන්න ක්‍රමයක්!

(විනා. 15යි) සාකච්ඡාවක්.

බොරු යාළුවෝ තුන්දෙනා සහ සාතන් දිගින් දිගටම අසාධාරණ චෝදනා, නින්දා, අපහාස කරද්දී යෝබ් එයාගේ ප්‍රශ්නය ලොකු කරගන්න පටන්ගත්තා.

යෝබ් 37:14 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

ආයෙත් යෙහෝවා හිතන විදිහට හිතන්න යෝබ් කරන්න ඕන වුණේ මොනවාද?

අපි ප්‍රශ්නවලින් මිරිකිලා ඉද්දී නිර්මාණ දිහා බලලා ඒ ගැන හොඳට හිතන එක යෙහෝවාගේ ශ්‍රේෂ්ඨකම අපිට මතක් කරලා දෙනවා. දිගටම ඔහුට ළැදිව ඉන්න අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් වෙනවා. අපිව රැකබලා ගන්න ඔහුට පුළුවන් කියන විශ්වාසයත් තව වැඩි වෙනවා.—මතෙ 6:26.

‘දෙවිට ළැදිව ඉන්න යෝබ් පොතෙන් පාඩම්—සතුන්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

විශ්වාසය වැඩි කරගන්න මේ වීඩියෝ එක උදව් වුණේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 7 පරි. 1-14¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 54 සහ යාච්ඤා