Skip to content

පටුනට යන්න

ජනවාරි 29–පෙබරවාරි 4

යෝබ් 40-42

ජනවාරි 29–පෙබරවාරි 4

ගීතිකා අංක 124 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෝබ්ගේ අද්දැකීමෙන් කියා දෙන පාඩම්

(විනා. 10යි)

යෙහෝවාගේ ප්‍රඥාව එක්ක බලද්දී අපි දන්න දෙයක් නැහැ කියලා තේරුම්ගමු (යෝබ් 42:1-3; w10 10/15 3-4 4-6¶)

යෙහෝවාගෙන් සහ සංවිධානෙන් ලැබෙන නිවැරදි කිරීම් කැමැත්තෙන් පිළිගමු (යෝබ් 42:5, 6; w17.06 25 12¶)

කරදර මැද වුණත් යෙහෝවාව අත්හරින්නේ නැති අයට ඔහු ආශීර්වාද කරනවා (යෝබ් 42:10-12; යාකො 5:11; w22.06 25 17-18¶)

යෝබ්ගේ ළැදිකමට යෙහෝවා ආශීර්වාද කළා

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෝබ් 42:7—යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා ඇත්තටම කතා කළේ කාට විරුද්ධවද කියලා දැනගෙන ඉන්න එක නින්දා අපහාස විඳදරාගන්න අපිට උදව් වෙන්නේ කොහොමද? (it-2-E 808)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. නිවැසියා ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි. (th 17වෙනි පාඩම)

5. ගෝලයන් වෙන්න උදව් කරද්දී

6. දේශනය

(විනා. 4යි) තේමාව: පොළොව කවදාවත් විනාශ වෙන්නේ නැහැ.—ගීතා 104:5; දේශ 1:4. (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 108

7. යෙහෝවාගේ ආදරේ දැනෙන්න සලස්වන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෙහෝවා තමයි ආදරේ උල්පත. (1යොහ 4:8, 16) ඒ ආදරේ තමයි අපිව ඔහු ළඟට ඇදගත්තේ. ඔහුගේ තුරුළටම වෙලා ඉන්න පෙලඹෙව්වේ. යෙහෝවාගේ බැටළුවන් විදිහට අපි හැමෝටම ඔහුගේ ආදරේ උපරිමෙන් දැනෙනවා.

අපිත් ඔහුව ආදර්ශෙට අරන් පවුලේ අයට, සභාවේ අයට, අනිත් අයට ආදරෙන් සලකන්න ඕනේ. (යෝබ් 6:14; 1යොහ 4:11) අපි එහෙම කරද්දී යෙහෝවා ගැන දැනගෙන ඔහුට ළං වෙන්න එයාලට පුළුවන් වෙනවා. එහෙම කෙරුවේ නැත්නම් යෙහෝවාගේ ආදරේ අද්දකින්න එයාලට බැරි වෙයි.

‘ආදරයෙන් සලකන පවුලක් යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණා’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

ආදරේ පෙන්නන එක කොච්චර වැදගත්ද කියලා ලෙයි ලෙයි සහ මිමිගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

සහෝදර සහෝදරියන්ට යෙහෝවාගේ ආදරය දැනෙන්න සලස්වන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

  • එයාලාව යෙහෝවාගේ වටිනා බැටළුවන් විදිහට සලකන්න.—ගීතා 100:3

  • එයාලව දිරිගැන්වෙන විදිහට කතා කරන්න.—එෆී 4:29

  • එයාලට දැනෙන විදිහ තේරුම්ගන්න.—මතෙ 7:11, 12

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 126 සහ යාච්ඤාව