Skip to content

පටුනට යන්න

පෙබරවාරි 12-18

ගීතාවලිය 5-7

පෙබරවාරි 12-18

ගීතිකා අංක 118 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. අනිත් අය නිසා විශ්වාසය බිඳගන්න එපා

(විනා. 10යි)

අනිත් අය කරපු දේවල් නිසා සමහර අවස්ථාවලදී දාවිත්ගේ සතුට නැති වුණා (ගීතා 6:6, 7)

එයා යාච්ඤා කරලා හැම දේම යෙහෝවාට කිව්වා (ගීතා 6:2, 9; w21.03 15 7-8¶)

දාවිත්ට තිබුණේ ශක්තිමත් විශ්වාසයක්. ඒක එයාට උදව් වුණා යෙහෝවාව අත්හරින්නේ නැතුව ඉන්න (ගීතා 6:10)

මේ ගැන හිතන්න. ‘අනිත් අය මොනවා කෙරුවත් මං ගොඩනඟාගෙන යන්නේ යෙහෝවාගෙන් මාව වෙන් කරන්න බැරි විදිහේ විශ්වාසයක්ද?’—w20.07 8-9 3-4¶.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 5:9—දුෂ්ටයන්ගේ උගුර හරියට ඇරලා දාපු සොහොනක් වගේ කියන්නේ ඇයි? (it-1-E 995)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. සාකච්ඡාව අවසානයේදී නිවැසියාව රැස්වීමකට ආරාධනා කරන්න. (th 13වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) අවිධිමත්ව. බයිබලේ තියෙන දෙයක් ගැන කියන්න ඉක්මන් වෙන්නේ නැතුව ඒකට අවස්ථාවක් එන කල් ඉවසීමෙන් ඉන්න. (th 1වෙනි පාඩම)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 2යි) ගෙයින් ගෙට. නිවැසියා හදන්නේ ඔයාව වාදෙකට පටලවාගන්න. (th 16වෙනි පාඩම)

7. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 4යි) නිරූපණයක්. ijwfq 64—තේමාව: සාක්ෂිකරුවන් ජාතික උත්සව, සැමරීම් වගේ දේවල්වලට හවුල් නොවී ඉන්න තීරණය කරන්නේ ඇයි? (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 99

8. වාර්ෂික සේවා වාර්තාව

(විනා. 15යි) සාකච්ඡාවක්. වාර්ෂික සේවා වාර්තාව ගැන ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ඊටපස්සේ ‘2023 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාවේ’ තියෙන කැපීපෙනෙන කරුණු කීපයක් කියන්න කියලා සබයේ අයට ආරාධනා කරන්න. ගිය අවුරුද්දේ සේවයේදී දිරිගන්වනසුලු අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 83 සහ යාච්ඤා