Skip to content

පටුනට යන්න

පෙබරවාරි 19-25

ගීතාවලිය 8-10

පෙබරවාරි 19-25

ගීතිකා අංක 2 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ‘යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරන්නෙමි’!

(විනා. 10යි)

යෙහෝවා අපිට පෙන්නන යහපත්කම ගැන කියන්න වචන නැති තරම් (ගීතා 8:3-6; w21.08 3 6¶)

යෙහෝවාගේ පුදුමාකාර නිර්මාණ ගැන අනිත් අයට කියලා අපි ඔහුට ප්‍රශංසා කරන්නේ හරිම කැමැත්තෙන් (ගීතා 9:1; w20.05 23 10¶)

මුළු හදවතින්ම ගීතිකා කියලත් ඔහුට ප්‍රශංසා කරන්න අපිට පුළුවන් (ගීතා 9:2; w22.04 7 13¶)

මේ ගැන හිතන්න. ‘මට තව මොන විදිවලින්ද යෙහෝවාට ප්‍රශංසා කරන්න පුළුවන්?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 8:3—දෙවියන්ගේ දෑත් කියන එකෙන් ගීතිකාකරු අදහස් කළේ මොකක්ද? (it-1-E 832)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. නිවැසියා කියනවා එයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ කියලා. (th 12වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. කලින් කරපු සාකච්ඡාවකදී ඒ කෙනා ඔයාට කියලා තිබුණා එයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති වුණාට නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා කියන්න සාක්ෂි තියෙනවා නම් ඒ ගැන කතා කරන්න කැමතියි කියලා. (th 7වෙනි පාඩම)

6. දේශනය

(විනා. 5යි) w21.06 6-7 15-18¶—තේමාව: යෙහෝවාට ප්‍රශංසා කරන්න ශිෂ්‍යයාට උදව් කරන්න. (th 10වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 10

7. සාමාන්‍ය විදිහට කතාබහ කරලා අවිධිමත් සාක්ෂියක් දරන විදිහ

(විනා. 10යි) සාකච්ඡාවක්.

යෙහෝවාට ප්‍රශංසා කරන එක තව වැඩි කරගන්න පුළුවන් විදිහක් තමයි දවසේ වැඩපොළ කරන ගමන් අපිට හම්බෙන ඕනෙම කෙනෙක්ට සාක්ෂි දරන එක. (ගීතා 35:28) අවිධිමත් විදිහට සාක්ෂි දරන්න මුලින්ම අපිට පොඩි බයක් දැනෙන්න පුළුවන්. ඒත් සාමාන්‍ය විදිහට කතාබහක් පටන් අරන් ඒක දිගටම කරගෙන යන විදිහ ඉගෙනගත්තොත් බය නැතුව අවිධිමත්ව සාක්ෂි දරන්න අපිට පුළුවන් වෙයි. ඒකෙන් සතුටක් ලබන්නත් පුළුවන්!

“‘සමාදානයේ ශුභාරංචිය’ දේශනා කරන්න සූදානමින් ඉන්න - මුල් පියවර ගන්න” වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

තව හොඳ විදිහට අවිධිමත්ව සාක්ෂි දරන්න මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

කතාබහක් පටන්ගන්න ඔයාට උදව් වෙන යෝජනා කීපයක්:

  •   ගෙදරින් එළියට යන හැම වතාවකම කතාබහක් පටන්ගන්න අවස්ථා හොයන්න. පණිවිඩේ අහන්න කැමති කෙනෙක්ව මුණගස්සන්න කියලා යෙහෝවාට යාච්ඤා කරලා කියන්න

  •   හිතවත් වෙන්න. හම්බෙන අය ගැන අවංකවම සැලකිලිමත් වෙන්න. එයාලව ටිකක් අඳුරගන්න බලන්න. එතකොට එයාට ගැළපෙන විදිහට පණිවිඩේ කියන්න ඔයාට පුළුවන් වෙයි

  •   සුදුසුයි කියලා හිතෙනවා නම් එයාගේ ෆෝන් නම්බර් එක හරි එඩ්‍රස් එක හරි ඉල්ලගන්න

  •   සාක්ෂියක් දරන්න කලින් කතාබහ නතර කරන්න වුණොත් දුක් වෙන්න එපා

  •   කතා කරලා ඉවර වුණාට පස්සෙත් එයා ගැන හිතන්න. බයිබල් පදයක්, jw.org එකේ තියෙන ලිපියක ලින්ක් එකක් යවලා එයා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න

මෙහෙම කරලා බලන්න. කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් සති අන්තේ මොනාද කළේ කියලා, රැස්වීමෙන් ඉගෙනගත්ත දෙයක් හරි බයිබලේ ගැන උගන්නන කෙනෙක් විදිහට ඔයා කරන දෙයක් ගැන හරි කියන්න.

8. සභා අවශ්‍යතා

(විනා. 5යි)

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 9 පරි. 1-13¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 65 සහ යාච්ඤාව