Skip to content

පටුනට යන්න

පෙබරවාරි 26–මාර්තු 3

ගීතාවලිය 11-15

පෙබරවාරි 26–මාර්තු 3

ගීතිකා අංක 139 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ඔයා පාරාදීසේ ඉන්න හැටි හිතින් මවාගන්න!

(විනා. 10යි)

රටක නීතිය වල් වැදුනම ප්‍රචණ්ඩ ක්‍රියා බෝ වෙන්න ගන්නවා (ගීතා 11:2, 3; w06 5/15 18 2¶)

යෙහෝවා ළඟදීම ප්‍රචණ්ඩ දේවල්වලට තිත තියෙනවා (ගීතා 11:5; wp16.4 11)

යෙහෝවා අපිව ගලවාගන්නවා කියන පොරොන්දුව ගැන හිතන එක පාරාදීසය එන කල් ඉවසීමෙන් බලන් ඉන්න අපිට උදව් වෙනවා (ගීතා 13:5, 6; w17.08 6 15¶)

මෙහෙම කරලා බලන්න. එසකියෙල් 34:25 කියවන්න. එතන කතා කරන නිස්කලංක පරිසරයේ ඔයා ජීවත් වෙන විදිහ හිතින් මවාගන්න කාලය ගන්න.—kr 236 16¶.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 14:1—මේ වගේ ආකල්ප අපිට වුණත් බලපාන්න පුළුවන් කියලා මේ ඡේදේ අඟවන්නේ කොහොමද? (w13 9/15 19 12¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) අවිධිමත්ව. කතා කරන කෙනාට සිහි කිරීමට ආරාධනා කරන්න. (th 17වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) ගෙයින් ගෙට. කතා කරන කෙනාට සිහි කිරීමට ආරාධනා කරන්න. (th 12වෙනි පාඩම)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. සිහි කිරීමට ආරාධනා කරද්දී එයා ඒකට උනන්දුයි කියලා පෙන්නනවා. (th 12වෙනි පාඩම)

7. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) lff 13 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්. “තව දැනගන්න” කොටසෙන් ලිපියක් පාවිච්චි කරලා බොරු ආගම් ගැන දෙවියන්ට දැනෙන විදිහ තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න. (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 8

8. “යුද්ධායුධවලට වඩා ප්‍රඥාව බලවත්”

(විනා. 10යි) සාකච්ඡාවක්.

ලෝකේ පුරාම සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා එන්න එන්නම වැඩි වෙනවා. ඒවා දකිද්දී, ඒවාට මූණ දෙද්දී අපිට ලොකු කනස්සල්ලක් දැනෙනවා කියලා යෙහෝවා දන්නවා. අපිට ආරක්ෂාව ඕනෙ කියලත් ඔහු දන්නවා. ඔහු අපිව ආරක්ෂා කරන එක විදිහක් තමයි ඔහුගේ වචනය වන බයිබලය.—ගීතා 12:5-7.

‘යුද්ධායුධවලට වඩා බලවත් ප්‍රඥාව’ අපිට බයිබලෙන් හොයාගන්න පුළුවන්. (දේශ 9:18) ප්‍රචණ්ඩ දේවල්වලින් ආරක්ෂා වෙන්න මේ බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද කියලා බලමු.

  • දේශ 4:9, 10—ආරක්ෂාවක් නැති තැන්වල තනියම ඉන්න එපා. අනතුරක් වෙන්න පුළුවන් තැන් මඟහරින්න

  • හිතෝ 22:3—සෙනඟ ඉන්න තැනකදී වුණත් වටේ පිටේ වෙන්නේ මොනවාද කියලා විමසිල්ලෙන් ඉන්න

  • හිතෝ 26:17—ඔයාට අදාළ නැති කාරණවලට කට දාන්න යන්න එපා

  • හිතෝ 17:14—ප්‍රචණ්ඩ දෙයක් වෙන්නයි යන්නේ කියලා ඉව වැටුණොත් ඉක්මනට එතනින් අයින් වෙන්න. උද්ඝෝෂණවලට එකතු වෙන අය ඉන්න දිහාවලින් අයින් වෙන්න

  • ලූක් 12:15—ඔයාගේ දේපළ ආරක්ෂා කරගන්න කියලා ජීවිතේ අවදානමේ දාගන්න එපා

‘විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න - ලාමෙක්ව නෙමෙයි ඒනොක්ව’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

ප්‍රචණ්ඩ ක්‍රියා වෙද්දී තාත්තා වැඩ කරපු විදිහට වගේම එයාගේ තීරණවලට ඒනොක්ගේ ආදර්ශය බලපෑවේ කොහොමද?—හෙබ්‍රෙ 11:5

සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානියෙක්ට එයාගේ ජීවිතේ සහ දේපළ ආරක්ෂා කරගන්න මොකක් හරි පියවරක් ගන්න ඕනෙ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණත් මිනී මැරුමකට වැරදිකාරයෙක් නොවී ඉන්න එයා වගබලා ගන්න ඕනේ.—ගීතා. 51:14; 2017 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.

9. මාර්තු 2වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු

(විනා. 5යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. විශේෂ බයිබල් දේශනයට සහ සිහි කිරීමේ දේශනයට ආරාධනා කරන්න සභාවෙන් කරලා තියෙන සැලසුම් ගැන කියන්න. මාර්තු, අප්‍රියෙල් මාසවල පැය 15ක් වෙන් කරලා සහායක පුරෝගාමී සේවය කරන්න පුළුවන් කියලා ප්‍රචාරකයන්ට මතක් කරන්න.

10. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 40 සහ යාච්ඤාව