Skip to content

පටුනට යන්න

ජනවාරි 27–පෙබරවාරි 2

ගීතාවලිය 140–143

ජනවාරි 27–පෙබරවාරි 2

ගීතිකාව 44 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. උදව් ඉල්ලලා කරන යාච්ඤාවලට එකඟව වැඩ කරන්න

(විනා. 10යි)

උපදෙස් ලැබුණාම ඒවා කැමැත්තෙන්ම පිළිගන්න (ගීතා 141:5; w22.02 12 13-14¶)

යෙහෝවා උදව් කරපු විදි ගැන හිතන්න (ගීතා 143:5; w10 3/15 32 4¶)

යෙහෝවා දේවල් දිහා බලන විදිහට බලන්න උත්සාහ කරන්න (ගීතා 143:10; w15 3/15 32 2¶)

දාවිත් උදව් ඉල්ලලා යෙහෝවාට කරපු යාච්ඤා විතරක් නෙවෙයි ඒ යාච්ඤාවලට එකඟව වැඩ කරපු විදිහ ගැනත් ගීතාවලිය 140–143 තියෙනවා.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 140:3—දාවිත් දුෂ්ටයන්ගේ දිව සර්ප දිවකට සමාන කළේ ඇයි? (it-2-E 1151)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 141:1-10 (th 12 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. කෙනෙක්ට උදව්වක් කළාට පස්සේ බයිබලේ තියෙන දෙයක් ගැන කතා කරන්න පටන්ගන්න. (lmd 3 පාඩමේ 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 3යි) පොදු සේවය. කතා කරන්න වෙලාවක් නැහැ කියලා කෙනෙක් කියනවා. (lmd 7 පාඩමේ 3 කරුණ)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) නිරූපණයක්. ijwfq 21 ලිපිය—තේමාව: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නැත්තේ ඇයි? (th 7 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 141

7. දැන් තියාම ලෑස්ති වෙන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෙහෝවා පොරොන්දු වෙනවා ‘දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු සූදානමින් ඉන්නවා’ කියලා. (ගීතා 46:1) ප්‍රතිකාර ගන්න වෙද්දී, ශල්‍යකර්මයක් කරන්න වෙද්දී අපිට පීඩනයක් දැනෙයි. ඒත් දැන්ම ලෑස්ති වුණොත් ඒ වගේ දේකට හොඳින් මූණ දෙන්න අපිට පුළුවන්. ඒක කරන්න ඕන දේවල් යෙහෝවා දීලා තියෙනවා. උදාහරණෙකට සංවිධානයෙන් අපිට ‘ස්ථාවර ඇටෝනි බලපත්‍රය’ (DPA), ‘හැඳුනුම්පත,’ a සහ වෙනත් වෛද්‍ය තොරතුරු ඇතුළත් ලියකියවිලි b දීලා තියෙනවා. අපිට උදව් කරන්න රෝහල් සබඳතා කමිටු (HLC) තියෙනවා. ලේ ගැන දෙවියන් දීලා තියෙන නීතියට කීකරු වෙන්න ඒවා අපිට උදව්වක්.—ක්‍රියා 15:28, 29.

‘හදිසි ප්‍රතිකාරයක් ලබාගන්න වුණොත් . . .’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • DPA කාඩ් එක පුරවලා තිබ්බ එකෙන් සමහරු ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

  • ‘ගැබ්ගෙන ඇති මව්වරුන්ට අවශ්‍ය තොරතුරු’ (S-401) කියන ලියවිල්ල සමහරුන්ට උදව් වුණේ කොහොමද?

  • ලේ ඕන වෙන්නේ නැහැ කියලා හිතුණත් රෝහල්ගත වෙන්න වෙනවා නම්, ශල්‍යකර්මයක් කරන්න වෙනවා නම්, පිළිකා වගේ දේකට ප්‍රතිකාර ලබාගන්න වෙනවා නම් ඒ ගැන පුළුවන් තරම් ඉක්මනට HLC එකේ සහෝදරයන්ට දැනුම් දෙන එක වැදගත් ඇයි?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 6 පරි. 9-17¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 103 සහ යාච්ඤාව

a බව්තීස්ම වුණ ප්‍රචාරකයෙක්ට පුළුවන් පොත් අංශයේ සහෝදරයාගෙන් DPA කාඩ් එකක් ඉල්ලගන්න. එයාට පොඩි දරුවෙක් ඉන්නවා නම් ‘හැඳුනුම්පතක්’ (ic) ඉල්ලගන්න පුළුවන්.

b ‘ගැබ්ගෙන ඇති මව්වරුන්ට අවශ්‍ය තොරතුරු’ (S-401), ‘ශල්‍යකර්ම සහ කීමෝතෙරපි ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය තොරතුරු’ (S-407), සහ ‘වෛද්‍ය ප්‍රතිකාර ඕන කරන දරුවන්ගේ දෙමව්පියන් සඳහා අවශ්‍ය තොරතුරු’ (S-55) කියන ලියකියවිලි වැඩිමහල්ලන්ගෙන් ඉල්ලගන්න පුළුවන්.