Skip to content

පටුනට යන්න

ජනවාරි 6-12

ගීතාවලිය 127–134

ජනවාරි 6-12

ගීතිකාව 134 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. දෙමාපියෙනි, ඔයාලාගේ වටිනා උරුමය ආදරෙන් බලාගන්න

(විනා. 10යි)

පවුලේ අයව බලාගන්න යෙහෝවා උදව් කරනවා කියලා දෙමාපියන්ට ස්ථිර වෙන්න පුළුවන් (ගීතා 127:1, 2)

දරුවන් යෙහෝවාගෙන් ලැබෙන වටිනා තෑග්ගක් (ගීතා 127:3; w21.08 5 9¶)

එක එක දරුවාට ගැළපෙන විදිහට එයාලව පුහුණු කරන්න (ගීතා 127:4; w19.12 26 20¶)

දෙමාපියන් යෙහෝවා ගැන විශ්වාසේ තියලා දරුවන්ව බලාගන්න එයාලට පුළුවන් හැම දේම කරද්දී යෙහෝවා සතුටු වෙනවා

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 128:3—ගීතිකාකරු පුතාලව ඔලීව ගහක රිකිලිවලට නැත්නම් අංකුරවලට සමාන කළේ ඇයි? (it-1-E 543)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 132:1-18 (th 2 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. (lmd 1 පාඩම 3 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. කෙනෙක් එයා විශ්වාස කරන දෙයක් ගැන කියනවා. ඒක බයිබලේට එකඟ නැහැ. (lmd 5 පාඩම 4 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) lff 16 පාඩමේ 4-5 කරුණු. ඔයාට පාඩමට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා පාඩම කරන්න ශිෂ්‍යයා එක්ක වෙන සැලසුමක් දාගන්න විදිහ කතා කරන්න. (lmd 10 පාඩම 4 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 13

7. දෙමාපියෙනි, දරුවන්ට උගන්නන්න ඔයා මේ දේ පාවිච්චි කරනවාද?

(විනා. 15යි) සාකච්ඡාවක්.

දරුවන්ට උගන්නන්න යෙහෝවා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් ගොඩක් දේවල් දෙමාපියන්ට දීලා තියෙනවා. හැබැයි ඒ හැම දේටම වඩා ඔයාගේ දරුවන්ට උගන්නන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ ආදර්ශය.—ද්වි 6:5-9.

ගෝලයන්ට උගන්නන්න යේසුත් ඒ දේ පාවිච්චි කළා.

යොහන් 13:13-15 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • යේසුස් ඔහුගේ ආදර්ශයෙන් උගන්නපු එක අනිත් අයට හොඳ බලපෑමක් වුණා කියලා ඔයා හිතන්නේ ඇයි?

ඔයා උගන්නන දේවල් කොච්චර වැදගත්ද කියලා ඔයා වැඩ කරන විදිහෙන් දරුවන්ට පෙන්නන්න පුළුවන්. ඔයා හොඳ ආදර්ශයක් තියද්දී ඔයා උගන්නන දේවල් ගැන එයාලාගේ හිතේ ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒවාට කීකරු වෙන්නත් එයාලා පෙලඹෙනවා.

‘දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ගාසියා යුවළ එයාලාගේ දුවලා තුන්දෙනාට උගන්නපු වැදගත් පාඩම් මොනවාද?

  • ඔයාගේ දරුවන්ට හොඳ ආදර්ශයක් තියන්න මේ වීඩියෝ එක ඔයාට උදව් වුණේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 73 සහ යාච්ඤාව