Skip to content

පටුනට යන්න

පෙබරවාරි 10-16

ගීතාවලිය 147–150

පෙබරවාරි 10-16

ගීතිකාව 12 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යාහ්ට ප්‍රශංසා කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා

(විනා. 10යි)

අපි එක් එක් කෙනාව ඔහු ආදරෙන් බලාගන්නවා (ගීතා 147:3, 4; w17.07 18 5-6¶)

අපිට දැනෙන විදිහ ඔහු තේරුම්ගන්නවා. අපිට උදව් කරන්න ඔහු ඔහුගේ බලය පාවිච්චි කරනවා (ගීතා 147:5; w17.07 18 7¶)

ඔහුගේ සෙනඟ අතරේ ඉන්න අවස්ථාව ඔහු අපිට දෙනවා. ඒක අපිට ගෞරවයක් (ගීතා 147:19, 20; w17.07 21 18¶)


මේ ගැන හිතන්න. ‘යෙහෝවාට ප්‍රශංසා කරන්න මට තියෙන තව හේතු මොනවාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 148:1, 10—“පියාසර කරන කුරුල්ලන්” යෙහෝවාට ප්‍රශංසා කරන්නේ කොහොමද? (it-1-E 316)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. ගෙහිමියා කියනවා එයාට බරපතළ අසනීපයක් තියෙනවා කියලා. (lmd 2 පාඩමේ 5 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. ළඟදී රැස්වීමකදී ඉගෙනගත්ත දෙයක් කෙනෙක් එක්ක කතා කරකර ඉද්දී බෙදාගන්න පුළුවන්ද බලන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)

6. දේශනය

(විනා. 5යි) w19.03 10 7-11¶—තේමාව: යේසුස්ට සවන් දෙන්න - ශුභාරංචිය දේශනා කරන්න. පින්තූරේ බලන්න. (th 14 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 159

7. වාර්ෂික සේවා වාර්තාව

(විනා. 15යි) සාකච්ඡාවක්.

වාර්ෂික සේවා වාර්තාව ගැන ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ඊටපස්සේ ‘2024 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාවේ’ තියෙන කැපීපෙනෙන කරුණු කීපයක් කියන්න කියලා සබයේ අයට ආරාධනා කරන්න. ගිය අවුරුද්දේ සේවයේදී දිරිගන්වනසුලු අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 37 සහ යාච්ඤාව