Skip to content

පටුනට යන්න

පෙබරවාරි 24–මාර්තු 2

හිතෝපදේශ 2

පෙබරවාරි 24–මාර්තු 2

ගීතිකාව 35 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. පෞද්ගලික අධ්‍යයනය උනන්දුවෙන් කරන්න ඕනෙ ඇයි?

(විනා. 10යි)

සත්‍යය ඔයාට ගොඩක් වටින නිසා (හිතෝ 2:3, 4; w22.08 18 16¶)

හොඳ තීරණ ගන්න උදව් වෙන නිසා (හිතෝ 2:5-7; w22.10 19 3-4¶)

ඔයාගේ විශ්වාසේ ශක්තිමත් වෙන නිසා (හිතෝ 2:11, 12; w16.09 23-24 2-3¶)

මේ ගැන හිතන්න. ‘මට තව හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 2:7—යෙහෝවාව “අත්හරින්නේ නැති අයට ඔහු පලිහක්” වෙන්නේ කොහොමද? (it-1-E 1211 4¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 2:1-22 (th 12 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. විවාහක යුවළයන්ට උදව් වෙන තොරතුරු jw.org එකෙන් හොයාගන්න විදිහ පෙන්නන්න. (lmd 1 පාඩම 3 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 3යි) අවිධිමත්ව. කලින් වතාවේ උනන්දු වුණ විෂයක් ගැන තියෙන සඟරාවක් දෙන්න. (lmd 9 පාඩම 3 කරුණ)

6. දේශනය

(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 8 කරුණ—තේමාව: සැමියායි, බිරිඳයි එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕනේ. (th 13 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 96

7. ඔයා නිධන් හාරන කෙනෙක්ද?

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෞවනයෙනි, සැඟවුණ නිධානයක් හොයන්න කිව්වොත් ඔයා ඒක කරන්න ආසද? බයිබලේ ඔයාට කියනවා මේ විශ්වයේ තියෙන වටිනාම නිධානය හොයන්න කියලා. ඒ, යෙහෝවා ගැන දැනුම! (හිතෝ 2:4, 5) වරද්දන්නේ නැතුව බයිබලේ කියවන්න කාලේ වෙන් කරලා, කියවපු දේවල් තව ගැඹුරින් අධ්‍යයනය කරද්දී ඔයාට පුළුවන් ඒ නිධානේ ගොඩගන්න. ඒකෙන් ඔයාට ලොකු සතුටක්, ගොඩක් දේවල් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙයි.

  • බයිබලේ කියවද්දී ඔයාට හිතලා බලන්න පුළුවන් මොන ප්‍රශ්න ගැනද? (w24.02 32 2-3¶)

  • ඒවාට උත්තර හොයාගන්න උදව් වෙන්නේ මොනවාද?

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝ මාලාව බයිබලෙන් කියවපු දේවල් ගැන හොඳට හිතන්න ඔයාට උදව් වෙයි.

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ආබෙල්’ වීඩියෝ එක පෙන්වන්න.

උත්පත්ති 4:2-4 සහ හෙබ්‍රෙව් 11:4 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ආබෙල් යෙහෝවාගේ යාළුවෙක් කියලා පෙන්නුවේ කොහොමද?

  • යෙහෝවා ගැන තිබ්බ විශ්වාසේ ආබෙල් වැඩි කරගත්තේ කොහොමද?

  • ඔයාගේ විශ්වාසේ වැඩි කරගන්න පුළුවන් කොහොමද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 102 සහ යාච්ඤාව