Skip to content

පටුනට යන්න

පෙබරවාරි 3-9

ගීතාවලිය 144–146

පෙබරවාරි 3-9

ගීතිකාව 145 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ‘යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළිගෙන ඉන්න සෙනඟ සන්තෝෂවත්!’

(විනා. 10යි)

යෙහෝවා ගැන විශ්වාසේ තියන අයට ඔහු ආශීර්වාද කරනවා (ගීතා 144:11-15; w18.04 32 3-4¶)

අපිට තියෙන බලාපොරොත්තුව ගැන අපි සතුටු වෙනවා (ගීතා 146:5; w22.10 28 16-17¶)

යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළිගෙන ඉන්න අය සදහටම ඉන්නේ සතුටින් (ගීතා 146:10; w18.01 26 19-20¶)

අපි විශ්වාසවන්තව යෙහෝවාට සේවේ කරද්දී ප්‍රශ්න තිබුණත් අපිට සතුටින් ඉන්න පුළුවන්

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 145:15, 16—මේ පදවල තියෙන දේවල් අපි සත්තුන්ට සලකන විදිහට බලපාන්න ඕනෙ කොහොමද? (it-1-E 111 9¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 144:1-15 (th 11 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. ගෙහිමියා කියනවා එයා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කෙනෙක් කියලා. (lmd 1 පාඩම 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. ඉගැන්වීම් කට්ටලයේ තියෙන වීඩියෝ එකක් ගැන කියලා ඒ ගැන කතා කරන්න. (lmd 7 පාඩම 4 කරුණ)

6. දේශනය

(විනා. 4යි) lmd 1වෙනි උපග්‍රන්ථය 7 කරුණ—තේමාව: බිරිඳක් සැමියාට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනේ. (th 1 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 59

7. යෙහෝවාට ඕනෙ ඔයා සතුටින් ඉන්නවා දකින්න

(විනා. 10යි) සාකච්ඡාවක්.

යෙහෝවා ප්‍රීතිමත් දෙවියන්. (1තිමෝ 1:11) ඔහු අපිට කොච්චර ආදරෙයිද, අපි සතුටින් ඉන්නවා දකින්න ඔහු කොච්චර ආසයිද කියලා ඔහු අපිට දීලා තියෙන පුදුමාකාර තෑගිවලින් පේනවා. (දේශ 3:12, 13) ඒ තෑගිවලින් දෙකක් අපි බලමු.

‘අපි සතුටින් ඉන්නවාට යෙහෝවා දෙවියන් කැමති බව කියාපාන ඔහුගේ නිර්මාණ—රස නහර පිනවන කෑම සහ දෙසවන් සනසන මිහිරි නාද’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • යෙහෝවා කැමති ඔයා සතුටින් ඉන්නවාට කියලා රස නහර පිනවන කෑමවලින්, මිහිරි නාදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

ගීතාවලිය 32:8 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ඔයා සතුටින් ඉන්නවා දකින්න යෙහෝවා කැමතියි කියලා දැනන් ඉන්න එක ඔහු බයිබලෙන් සහ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

8. සභා අවශ්‍යතා

(විනා. 5යි)

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 85 සහ යාච්ඤාව