ඝානාවේ ශුභාරංචිය දේශනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2017 ජනවාරි 

අත්හදා බලන්න යෝජනා

මුරටැඹ සඟරාව සඳහා සහ අවසාන කාලය ගැන තියෙන ලකුණ බයිබලයෙන්ම පෙන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. අත්හදා බලන්න යෝජනා උදව්වට අරගෙන ඔයාගේ යෝජනාව ලියන්න.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා

ගෙදරට ආපු අයට කිසි අඩුවක් නැතුව සලකන කෙනෙක් වගේ යෙහෝවා දෙවිත් ඉස්තරම්ම විදිහට ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා.

දේවවචනය නිධානයක්

‘ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුව පත් කරයි’

රජ හැටියට යේසුස් ඔහුගේ රැළ රැකබලා ගන්න වැඩිමහල්ලන්ව ලබා දෙනවා. එයාලා දේවවචනයෙන් මඟ පෙන්වීම්, දිරිගැන්වීම් දීලා දෙවිගේ සෙනඟට සහනයක් වෙනවා.

දේවවචනය නිධානයක්

හෙසකියාගේ විශ්වාසවන්තකමට දෙවි ආශීර්වාද කළා

යුදෙව්වන්ව අධෛර්යය කරලා සටනක් කරන්නේ නැතුවම නගරය අල්ලගන්න ඇසිරියානුවන් විවිධ උපායන් යෙදුවා. ඒත් යෙහෝවා දෙවි දේවදූතයෙක්ව එවලා යෙරුසලම ආරක්ෂා කළා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’

අපේ ජීවිතයේ හැම මොහොතකදීම යෙහෝවා දෙවිව විශ්වාස කරන එක හුඟක් වැදගත්. දෙවිව විශ්වාස කරනවා කියලා හෙසකියා පෙන්නුවේ කොහොමද?

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවි විඩාවට පත් වුණු අයට සවිය දෙයි

ඉහළ අහසේ පියාඹන ඒ රාජාලියා වගේ අපිටත් අපේ නමස්කාර කටයුතු දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි ලබා දෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

පීඩා විඳින ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කරන්න

පීඩා විඳින අය වෙනුවෙන් යාච්ඤා කරලා ඒ අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවි කියන අනාවැකි බොරු වෙන්නේ නැහැ

බැබිලෝනිය යටත් කරගන්න අවුරුදු 200කට විතර කලින් යෙහෝවා දෙවි ඒක වෙන විදිහ යෙසායා මාර්ගයෙන් දැනුම් දුන්නා.