Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

ප්‍රශ්නය: සමහරු හිතනවා බයිබලයේ තියෙන තොරතුරු අදටත් ප්‍රයෝජනවත් කියලා. හැබැයි තවත් අය හිතනවා ඒක යල් පැනපු පොතක් කියලා. ඔයා මොනවද හිතන්නේ?

බයිබල් පදය: 2තිමෝ 3:16, 17

ඉදිරිපත් කිරීම: බයිබලයේ තොරතුරු අපිට ප්‍රයෝජනවත් වෙන පැති කීපයක් ගැනත් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඒක කියවන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: ලෝක විනාශය ළං වෙලා කියලා ඔයාට හිතෙනවද?

බයිබල් පදය: මතෙ 24:3, 7, 14

බයිබලයේ කියන්නේ: අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලා බයිබලේ තියෙන අනාවැකිවලින් පැහැදිලි වෙනවා. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද ලස්සන කාලයක් ළඟදීම අපිට ලැබෙනවා.

‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’

ප්‍රශ්නය: ඔයා හිතන්නේ දෙවියන් අපිව නිර්මාණය කළා කියලද නැත්නම් අපි ඉබේ ඇති වුණා කියලද?

ඉදිරිපත් කිරීම: බුද්ධිමත් නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා පිළිගන්න හුඟක් අයට උදව් වුණු තොරතුරු මේ සඟරාවේ තියෙනවා. 29වෙනි පිටුවේ තියෙන “ඔබ විශ්වාස කරන දේ වැදගත්ද?” කියන ප්‍රශ්නය ගැන ඔයත් එක්ක ටිකක් කතා කරන්න මං ආයෙත් දවසක් ආවොත් කමක් නැද්ද?

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.