Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

පීඩා විඳින ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කරන්න

පීඩා විඳින ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කරන්න

අපේ දේශනා සේවය නවත්වන්න සාතන් පීඩා කරනවා කියලා බයිබලයේ තියෙනවා. (යොහ 15:20; එළි 12:17) ලෝකෙ වටේම ඉන්න පීඩා විඳින සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? අපිට පුළුවන් එයාලා ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. මොකද ‘ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරද්දී ඉමහත් ප්‍රයෝජන ලැබෙනවා’ කියලා බයිබලයේ තියෙනවා.—යාකො 5:16.

යාච්ඤාවෙදී කියන්න පුළුවන් මොනවද? එයාලට ශක්තිය ධෛර්යය දෙන්න කියලත් බය නොවී ඉන්න උදව් කරන්න කියලත් ඉල්ලමු. (යෙසා 41:10-13) ඒ වගේම අපිට “සාමකාමී සන්සුන් ජීවිතයක්” ගත කරමින් දේශනා සේවය කරන්න පුළුවන් වෙන විදිහට බලධාරීන්ගේ සහාය ලබා දෙන්න කියලත් යාච්ඤා කරන්න පුළුවන්.—1තිමෝ 2:1, 2.

පාවුල් සහ පේතෘස් පීඩා විඳිද්දී පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් එයාලගේ නම් කියලා යාච්ඤා කළා. (ක්‍රියා 12:5; රෝම 15:30, 31) අද පීඩා විඳින හැමෝගෙම නම් අපි දන්නේ නැති වුණත් අපිට පුළුවන් එයාලගේ සභාව, රට ගැන කියලා යාච්ඤා කරන්න.

මොන රටවල පීඩා විඳින අය ගැනද ඔයා යාච්ඤා කරන්න කැමති කියලා ලියන්න.