ජනවාරි 1-7
මතෙව් 1-3
ගීතිකා අංක 14 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”: (විනා. 10යි)
[‘මතෙව් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
මතෙ 3:1, 2—ස්වර්ග රාජ්‍යයේ රජ වෙන්න නියමිත කෙනා ළඟදීම එනවා කියලා යොහන් බව්තීස්ත කිව්වා (“දේශනා කරන්න,” “රාජ්‍යය,” “ස්වර්ග රාජ්‍යය,” “ළං වී තිබෙනවා” සටහන් මතෙ 3:1, 2, nwtsty)
මතෙ 3:4—යොහන් ගත කළේ හරිම සරල ජීවිතයක්. එයා මුළු ජීවිතයම දෙවිට කැප කළා (“යොහන් බව්තීස්තගේ ඇඳුම් සහ පෙනුම,” “පළඟැටියන්,” “වනයේ මීපැණි” මීඩියා මතෙ 3:4, nwtsty)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මතෙ 1:3—යේසුස්ගේ පෙළපත ගැන වාර්තා කරද්දී මතෙව් කාන්තාවන් පස්දෙනෙක් ගැනත් සඳහන් කරන්න ඇත්තේ ඇයි? (“තාමර්” සටහන මතෙ 1:3, nwtsty)
මතෙ 3:11—කෙනෙක්ව බව්තීස්ම කරද්දී ඒ කෙනාව වතුරේ සම්පූර්ණයෙන්ම ගිල්වන්න ඕනෙ ඇයි? (“බව්තීස්ම කරනවා” සටහන මතෙ 3:11, nwtsty)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 1:1-17
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනා බලන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 41-42 6-7¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
වාර්ෂික සේවා වාර්තාව: (විනා. 15යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වාර්ෂික සේවා වාර්තාව සම්බන්ධයෙන් ශාඛා කාර්යාලයෙන් එවපු ලිපිය කියවන්න. ගිය අවුරුද්දේ සේවයේදී කැපීපෙනෙන අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කිහිපදෙනෙක්ව කලින්ම තෝරාගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 2 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 137 සහ යාච්ඤාව