යේසුස් මිනිසුන්ට ආදරේ කළා
ගලීලයේදී යේසුස් කරපු සේවය ගැන මතෙව් 8, 9 පරිච්ඡේදවල සඳහන් වෙනවා. යේසුස් මිනිසුන්ව සුව කරද්දී ඔහුට කොයි තරම් බලයක් තියෙනවාද කියලා පැහැදිලිව පෙනුණා. හැබැයි වැඩියෙන්ම කැපිලා පෙනුණේ ඔහුගේ හිතේ මිනිසුන් ගැන කොයි තරම් ආදරයක්, අනුකම්පාවක් තියෙනවාද කියන එකයි.
-
යේසුස් ලාදුරු රෝගියෙක්ව සුව කළා.—මතෙ 8:1-3
-
හමුදා නිලධාරියෙකුගේ සේවකයෙක්ව යේසුස් සුව කළා.—මතෙ 8:5-13
පේතෘස්ගේ නැන්දම්මාව ඔහු සුව කළා.—මතෙ 8:14, 15
ඔහු භූතයන්ව දුරු කළා. අසනීප අයව සුව කළා.—මතෙ 8:16, 17
-
යේසුස් දරුණු විදිහට මිනිසුන්ට පීඩා කරපු භූතයන්ව ඌරු රැළකට එළවලා දැම්මා.—මතෙ 8:28-32
-
අංශභාග රෝගියෙක්ව යේසුස් සුව කළා.—මතෙ 9:1-8
යේසුස්ගේ වස්ත්‍රය අල්ලපු ස්ත්‍රියක්ව ඔහු සුව කළා. යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටුවා.—මතෙ 9:18-26
අන්ධ අයවත් බිහිරි අයවත් ඔහු සුව කළා.—මතෙ 9:27-34
-
ගමින් ගමටත් නගරෙන් නගරෙටත් ගිය යේසුස් සියලු ආකාර රෝගීන්ව සුව කළා.—මතෙ 9:35, 36
අනිත් අය ගැන මගේ හිතේ තියෙන ආදරේ, අනුකම්පාව තවත් වැඩි කරගන්න මට පුළුවන් කොහොමද?