කන්ද උඩ දේශනාවෙන් පාඩම්
දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ඔයාටත් ලොකු ආශාවක් තියෙනවාද?
මුල් භාෂාවට අනුව ‘නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් ඉන්න අය’ කරන්නේ හිඟන්නෙක් කරන දේට සමාන දෙයක්. හිඟන්නෙක් නිතරම අනිත් අය ගාවට ගිහින් තමන්ට ඕන දේ ඉල්ලනවා. ඒ වගේ අපිටත් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ලොකු ආශාවක් තියෙනවා නම් අපිත් දිගටම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි . . .
-
හැමදාම බයිබලය කියවනවා
-
රැස්වීම්වලට හොඳින් සූදානම් වෙලා හැම රැස්වීමකටම සහභාගි වෙනවා
-
අපේ ප්‍රකාශන කියවන්නත් පුළුවන් නම් අපේ වෙබ් අඩවියේ තියෙන හැම තොරතුරක්ම බලන්නත් උත්සාහ කරනවා
-
හැම මාසෙකම එන JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලනවා
තවත් වැඩියෙන් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න නම් මං කරන්න ඕනෙ මොනවාද?