යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙමාපියෙනි, දෙවිට ආදරේ කරන්න දරුවන්ට උපරිමයෙන් උදව් කරන්න
ඔයාලගේ දරුවන් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා දකින්න ඔයාලා කැමතියි නේද? එහෙනම් පුංචි කාලේ ඉඳලාම බයිබලයේ තියෙන ඉගැන්වීම් දරුවන්ගේ හිත්වලට කාවද්දන්න. (ද්වි 6:7; හිතෝ 22:6) ඒ දේ කරන්න ඔයාලට ලොකු වෙහෙසක් දරන්න වෙයි. හැබැයි කවදාවත් ඒ වෙහෙස අපතේ යන්නේ නැහැ.—3යොහ 4.
මරියාගෙනුත් යෝසෙප්ගෙනුත් ඔයාලට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාලා ‘හැම අවුරුද්දකදීම පාස්කු උත්සවය සමරන්න යෙරුසලමට යන්න පුරුදු වෙලා හිටියා.’ (ලූක් 2:41) ඒ වෙනුවෙන් ලොකු වෑයමක්, ලොකු වියදමක් දරන්න සිද්ධ වුණත් එයාලා ඒ දේ කළා. එයාලා මුල් තැන දුන්නේ පවුලක් විදිහට දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න එකට. දෙමාපියන් විදිහට ඔයාලටත් පුළුවන් ලැබෙන හැම අවස්ථාවකදීම ඔයාලගේ වචනයෙන්, ක්‍රියාවෙන් දරුවන්ට හරි මඟ පෙන්වලා දෙන්න.—ගීතා 127:3-5.
‘එයාලා දෙවිගෙන් ලැබුණ හැම පැවරුමක්ම භාරගත්තා’ කියන වීඩියෝ එකෙන් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
දරුවන්ව ඇතිදැඩි කරද්දී ජොන් සහ ශෙරොන් ශිල දෙවිට මුල් තැන දුන්නේ කොහොමද?
-
එක් එක් දරුවාට ගැළපෙන විදිහට එයාලව හික්මවන්න ඕනෙ ඇයි?
-
විශ්වාසය සෝදිසියට ලක් වෙද්දීත් දෙවිට විශ්වාසවන්තව ඉන්න දරුවන්ව පුහුණු කරන්න පුළුවන් කොහොමද?
-
දෙවිට ළං වෙන්න දරුවන්ට උදව් කරන්න ඔයාලා ප්‍රයෝජනයට අරන් තියෙන්නේ සංවිධානයෙන් දීලා තියෙන මොන දේවල්ද?