Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මිතුරු සමාජ වෙබ් අඩවිවල අනතුරු හඳුනාගන්න

මිතුරු සමාජ වෙබ් අඩවිවල අනතුරු හඳුනාගන්න

ඒක වැදගත් ඇයි? මිතුරු සමාජ වෙබ් අඩවිවල හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. සමහරු මිතුරු සමාජ වෙබ් අඩවි පාවිච්චි කරන්නේ නැහැ. තවත් අය ඒවා පාවිච්චි කරන්නේ පවුලේ අය සහ මිතුරන් එක්ක තොරතුරු බෙදාගන්න ඕන නිසයි. හැබැයි ඒ හරහා අපිට දෙවිත් එක්ක තියෙන බැඳීම දුර්වල කරන්නත් අපේ නම කැත කරන්නත් යක්ෂයා උත්සාහ කරනවා කියලා අමතක කරන්න එපා. යේසුස් වගේ අපිත් දේවවචනයේ තියෙන ප්‍රතිපත්ති ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒක අපිට උදව් වෙනවා සාතන්ගේ උගුල් අඳුනගෙන ඒවායින් බේරිලා ඉන්න.—ලූක් 4:4, 8, 12.

අනතුරු:

  • සීමාවක් නැතුව අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු කරන එක. ඒකෙන් වෙන්නේ දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න කාලය නැති වෙන එකයි

    බයිබල් ප්‍රතිපත්ති: එෆී 5:15, 16; ෆිලි 1:10

  • නුසුදුසු දේවල් බලන එක. හැඟීම් අවුස්සන පින්තූර බලද්දී කාමුක දර්ශන බලන්නත් අනාචාරයේ යෙදෙන්නත් පෙලඹෙන්න පුළුවන්. සත්‍යයට විරුද්ධව කැරලිගහන අය දාන තොරතුරු බලන එකෙන් දෙවිත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන්

    බයිබල් ප්‍රතිපත්ති: මතෙ 5:28; ෆිලි 4:8

  • නුසුදුසු අදහස්, නුසුදුසු ෆොටෝ දාන එක. හිතන්නේ බලන්නේ නැතුව මිතුරු සමාජ වෙබ් අඩවිවලට නුසුදුසු අදහස් සහ ෆොටෝ දාන එකෙන් කෙනෙක්ගේ හොඳ නම නැති වෙන්නත් තවත් අයව බාධාවට පත් වෙන්නත් ඉඩ තියෙනවා

    බයිබල් ප්‍රතිපත්ති: රෝම 14:13; එෆී 4:29

‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එක බලලා මේ අනතුරුවලින් බේරෙන්න පුළුවන් විදිහ ගැන හිතන්න.