යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ක්‍රිස්තුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න
පීඩා පරීක්ෂාවලට මුහුණ දෙද්දී අපිට අනුගමනය කරන්න පුළුවන් හොඳ ආදර්ශයක් යේසුස් තියලා තියෙනවා. (1පේතෘ 2:21-23) සතුරන් නින්දා කරද්දී යේසුස් එකට එක කළේ නැහැ. ලොකු වේදනාවකින් ඉද්දී වුණත් එහෙම කළේ නැහැ. (මාක් 15:29-32) යේසුස්ට විඳදරාගන්න පුළුවන් වුණේ දෙවිගේ කැමැත්ත ඉටු කරන්න ඔහු අදිටන් කරගෙන හිටපු නිසයි. (යොහ 6:38) ඒ වගේම “තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව” ගැන ඔහු නිතරම හිතුවා.—හෙබ්‍රෙ 12:2.
විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද? ක්‍රිස්තියානීන් විදිහට අපි “නපුරට නපුර” කරන්නේ නැහැ. (රෝම 12:14, 17) යේසුස් වගේ අපිත් විඳදරාගන්නවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද ඒකෙන් අපිට දෙවිගේ අනුමැතිය ලැබෙනවා.—මතෙ 5:10-12; 1පේතෘ 4:12-14.
‘යෙහෝවා දෙවිගේ නම තමයි වැදගත්ම දේ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
සහෝදරි පෝට්සිඟ * තනියෙන් සිරකුටියක ඉද්දී කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළේ කොහොමද?
-
විවිධ ගාල් කඳවුරුවල ඉද්දී සහෝදර සහ සහෝදරි පෝට්සිඟට මුහුණ දෙන්න වුණේ මොන වගේ දේවලටද?
-
ඒ දේවල් විඳදරාගන්න එයාලට උදව් වුණේ මොනවාද?
^ 6 ඡේ. සමහර සඟරාවල ඒ නම පෝට්සිංගර් විදිහටත් සඳහන් කරලා තියෙනවා.