Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

එකතු වෙලා පවුලේ සතුට වැඩි කරගමු!

එකතු වෙලා පවුලේ සතුට වැඩි කරගමු!

අපි හැමෝම සතුටෙන් ඉන්නවාටයි යෙහෝවා කැමති. (ගීතා 127:3-5; දේශ 9:9; 11:9) ඒත් අද තියෙන ප්‍රශ්න ගැටලු, කනස්සල්ල, පවුලේ අයගේ අඩුපාඩු නිසා අපේ සතුට අඩු වෙන්න පුළුවන්. පවුලේ සතුට වෙනුවෙන් අපි එක් එක් කෙනාට මොනවාද කරන්න පුළුවන්?

සැමියෙක් බිරිඳට ගෞරව කරනවා. (1පේතෘ 3:7) බිරිඳ එක්ක කාලය ගත කරනවා. බිරිඳට කරන්න බැරි දේවල් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන් ඇතුළු පවුලේ අය වෙනුවෙන් බිරිඳ කරන කරන දේවල් අගය කරනවා. (කොලො 3:15) බිරිඳට ‘ආදරෙයි’ කියලා කියන්නත් ප්‍රශංසා කරන්නත් අදිමදි කරන්නේ නැහැ.—හිතෝ 31:28, 31.

බිරිඳක් සැමියාට සහය වෙන්න පුළුවන් විදි ගැන හොයලා බලනවා. (හිතෝ 31:12) සැමියාට යටත් වෙලා සහයෝගෙන් වැඩ කරනවා. (කොලො 3:18) සැමියාට කතා කරන්නේ ආදරෙන්. එයාගේ අඩුපාඩු අනිත් අය එක්ක කියන්නේ නැහැ.—හිතෝ 31:26.

දෙමව්පියන් දරුවන් එක්ක කාලය ගත කරනවා. (ද්වි 6:6, 7) දරුවන්ට ‘ආදරෙයි’ කියලා වචනෙන් කියනවා. (මතෙ 3:17) හික්මවන්න වෙද්දී ඒක කරන්නේ ආදරෙන්, අවබෝධයෙන්.—එෆී 6:4.

දරුවන් දෙමව්පියන්ට කීකරු වෙනවා. (හිතෝ 23:22) එයාලට හැඟෙන, දැනෙන දේවල් අම්මාටයි, තාත්තාටයි කියනවා. එයාලට හදවතින්ම ආදරයයි ගෞරවයයි පෙන්වනවා. හික්මවීමක් ලැබෙද්දී කැමැත්තෙන්ම පිළිගන්නවා.—හිතෝ 19:20.

‘පවුලේ සතුට වැඩි කරගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

පවුලේ සතුට වැඩි කරගන්න එක් එක් කෙනා මොනවාද කළේ?