දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන් දෙන ප්රීතිය ඔයාට බලකොටුවක් වගේ
එස්රා නීතිය සඳහන් ලියවිල්ල කියවද්දී හැමෝම එක්රැස් වෙලා ඒකට ඇහුම්කන් දුන්නා (නෙහෙ 8:1, 2; w13 10/15 21 2¶; කවරයේ පින්තූරය බලන්න)
අතීතයේ කරපු පව් ගැන දුක් වෙනවා වෙනුවට යෙහෝවාට සතුටින් නමස්කාර කරන්න ඒක අවස්ථාවක් වුණා (නෙහෙ 8:9, 11, 12)
යෙහෝවා දෙන සතුට ඔහුගේ සේවකයන්ට හරියට බලකොටුවක් වගේ (නෙහෙ 8:10; w07 7/15 22 9-10¶)
මේ ගැන හිතන්න. ‘අභියෝග තිබුණත් සතුටු වෙන්න මට තියෙන හේතු මොනවාද?’