Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අලුත් සේවා වසරට ඔයාගේ ඉලක්ක මොනවාද?

අලුත් සේවා වසරට ඔයාගේ ඉලක්ක මොනවාද?

ඉලක්ක තියාගෙන ඒවා ජය ගත්තාම යෙහෝවාට වැඩිපුර සේවයක් කරලා ඔහුව සතුටු කරන්න අපිට පුළුවන්. ඉලක්ක ජය ගන්න කාලය, ශක්තිය සහ වෙන මොන දේවල් කැප කළත් කිසි පාඩුවක් වෙන්නේ නැහැ. සත්‍යයේ තව දියුණු වෙන්න ඒක අපිට උදව් වෙනවා. (1තිමෝ 4:15) අපේ ඉලක්ක ගැන විටින් විට හිතලා බලන්න ඕන ඇයි? කාලෙන් කාලෙට තත්වයන් වෙනස් වෙන හින්දා. සමහරවිට කලින් ඉටු කරගත්ත එකක් දැන් කරන්න බැරුව ඇති. අනිත් අතට තව ඉලක්කෙකට යන්නත් පුළුවන් ඇති.

අලුත් සේවා වසරක් පටන්ගන්න කලින් ඉලක්ක ගැන හිතලා බලන එක හොඳයි. පවුලේ නමස්කාරයේදී ඒ ගැන කතා කරන්න. පෞද්ගලික සහ පවුලේ ඉලක්ක තියාගන්න.

පහත තියෙන ඒවාවලින් ඔයාගේ ඉලක්ක මොනවාද? ඒවා ජය ගන්න ඔයා අරන් තියෙන පියවර මොනවාද?

බයිබලය කියවීම, පෞද්ගලික අධ්‍යයනය, රැස්වීම්වලට සහභාගි වීම, උත්තර දීම.—w02 6/15 14-15 14-15¶

දේවසේවය.—w23.05 27 4-5¶

යෙහෝවා සතුටු වෙන ගුණාංග.—w22.04 23 5-6¶

වෙනත් ඉලක්ක.