Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවාගේ නොසැලෙන ආදරය ආදර්ශයට ගමු!

යෙහෝවාගේ නොසැලෙන ආදරය ආදර්ශයට ගමු!

යෙහෝවා දෙවියන් තරම් ආදරයක් පෙන්නන කෙනෙක් තවත් නැහැ. (ගීතා 103:11) ඒ ආදරය ආවේගෙට, හැඟීම්වලට වහල් වුණ එකක් නෙමෙයි. ඒක ගැඹුරට මුල් බැහැපු, හැමදාටම පවතින නොසැලෙන බැඳීමක්. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් අවස්ථාවලදී ඒ වගේ ආදරයක් පෙන්නුවා. ඔහු එයාලව වහල්කමෙන් බේරගෙන පොරොන්දු දේශයට ගෙනාවා. (ගීතා 105:42-44) එයාලා වෙනුවෙන් සටන් කළා. පව් කළාම ආයේ ආයෙත් සමාව දුන්නා. (ගීතා 107:19, 20) ‘යෙහෝවා දෙවි මහත් ප්‍රේමයකින් කළ සෑම ක්‍රියාවක් ගැනම ගැඹුරින් කල්පනා කරලා බැලුවොත්’ ඔහුව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්.—ගීතා 107:43.

‘යෙහෝවා දෙවි ළැදි ප්‍රේමයකින් සිදු කළ සෑම ක්‍රියාවක් ගැනම ගැඹුරින් කල්පනා කරන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • නොසැලෙන ආදරයක් පෙන්නන්න පුළුවන් මොන පැතිවලින්ද?

  • නොසැලෙන ආදරයක් පෙන්නන්න නම් අපි කැප කිරීම් කරන්න ඕන ඇයි?