Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

නෙහෙමියාට ඕන වුණේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න

නෙහෙමියාට ඕන වුණේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න

නෙහෙමියා එයාට තිබුණ අධිකාරිය එයාගේ වාසියට පාවිච්චි කළේ නැහැ (නෙහෙ 5:14, 15, 17, 18; w02 11/1 27 3¶)

නෙහෙමියා සුපවයිසර් කෙනෙක් වගේ බලන් හිටියේ නැහැ. එයත් බැහැලා වැඩ කෙරුවා (නෙහෙ 5:16; w16.09 6 16¶)

සෙනඟ වෙනුවෙන් කරපු කැප කිරීම් අමතක කරන්න එපා කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා (නෙහෙ 5:19; w00 2/1 32)

නෙහෙමියා ආණ්ඩුකාරයා වුණත් අනිත් අයගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වුණේ නැහැ. වගකීම්, වරප්‍රසාද තියෙන අයට එයා හොඳ ආදර්ශයක්!

මේ ගැන හිතන්න. ‘මම වැඩිපුර හිතන්නේ අනිත් අය මං වෙනුවෙන් කරන්න ඕන දේවල් ගැනද නැත්නම් මට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැනද?’