Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

අකීකරුකම දුකට පාර කපයි!

අකීකරුකම දුකට පාර කපයි!

සමහර ඊශ්‍රායෙල්වරු බොරු දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන්ව විවාහ කරගත්තා (එස්රා 9:1, 2; w06 1/15 20 1¶)

යෙහෝවා දීලා තිබුණ පැහැදිලි ආඥා එයාලා ගාණකටවත් ගත්තේ නැහැ (එස්රා 9:10-12)

අකීකරුකම නිසා එයාලත් එයාලගේ පවුල්වල අයත් ගොඩක් දුක් වින්දා (එස්රා 10:10, 11, 44)

යෙහෝවා හැම ආඥාවක්ම දීලා තියෙන්නේ අපේම හොඳට. (w09 10/1 10 6¶) අපි කීකරු වුණොත් අනවශ්‍ය කරදරවලින් බේරෙන්න වගේම අනාගතේදී හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලබන්න පාර කැපෙනවා.

මේ ගැන හිතන්න. ‘කීකරු වුණ නිසා අනවශ්‍ය දුක් කරදරවලින්, සිත්තැවුල්වලින් මම බේරුණේ කොහොමද?’