Skip to content

පටුනට යන්න

අගෝස්තු 26–සැප්තැම්බර් 1

ගීතාවලිය 78

අගෝස්තු 26–සැප්තැම්බර් 1

ගීතිකා අංක 97 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම අපිට අනතුරු ඇඟවීමක්!

(විනා. 10යි)

යෙහෝවා කරපු ආශ්චර්යයන් ඊශ්‍රායෙල්වරු අමතක කළා (ගීතා 78:11, 42; w96 12/1 29-30)

යෙහෝවා දීපු දේවල් ගැනත් එයාලට අගයක් තිබුණේ නැහැ (ගීතා 78:19; w06 7/15 17 16¶)

එයාලා වැරදිවලින් පාඩම් ඉගෙනගත්තේ නැහැ. දිගටම දෙවියන්ට අකීකරු වුණා (ගීතා 78:40, 41, 56, 57; w11 7/1 10 3-4¶)


මේ ගැන හිතලා බලන්න. යෙහෝවාට අකීකරු නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 78:24, 25—මන්නාවලට ‘ස්වර්ගයෙන් ලැබුණ ධාන්‍ය’ සහ “බලවන්තයන්ගේ කෑම” කිව්වේ ඇයි? (w06 7/15 11 5¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 15වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. පත්‍රිකාවක් පාවිච්චි කරලා කතාබහක් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 3වෙනි පාඩම)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) ගෙයින් ගෙට. නිවැසියා කියනවා “කියන්න ආපු දේ කෙටියෙන් කියන්න” කියලා. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 13වෙනි පාඩම)

7. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. බයිබලේ ගැන කතා කරන්නේ නැතුව ඔයා සාක්ෂිකරුවෙක් කියලා දැනෙන්න සලස්වන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 96

8. උද්‍යෝගයෙන් සේවේ කරපු ෆිලිප්ගෙන් ඉගෙනගමු

(විනා. 15යි) සාකච්ඡාවක්.

හොඳ සහ නරක ආදර්ශවලින් බයිබලේ පිරිලා. ඒවාවලින් ඉගෙනගන්න නම් හොඳට කාලේ ගන්න ඕනේ. අපේ පැත්තෙන් උත්සාහයකුත් ඕනේ. ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද කියලා හිතන්නත් ඕනේ. ඊටපස්සේ ඒ පාඩම් අපේ ජීවිතවලට අදාළ කරගන්න ඕනේ.

ෆිලිප් කියන්නේ ‘දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරපු, ප්‍රඥාවන්ත කෙනෙක්.’ (ක්‍රියා 6:3, 5) අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

‘ඔවුන්ගෙන් ඉගෙනගන්න - ෆිලිප්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සබයෙන් අහන්න මේ පැතිවලින් එයාලා මොනවාද ඉගෙනගත්තේ කියලා.

  • ජීවිතේ වෙනස්කම් වෙද්දී ෆිලිප් ඒවාට මූණ දීපු විදිහෙන්.—ක්‍රියා 8:1, 4, 5

  • අවශ්‍යතා වැඩි ප්‍රදේශවලට ෆිලිප් කමැත්තෙන්ම ගිය එකෙන්.—ක්‍රියා 8:6-8, 26-31, 34-40

  • ආගන්තුක සත්කාරය පෙන්නලා ෆිලිප් සහ පවුලේ අය ආශීර්වාද ලබපු විදිහෙන්.—ක්‍රියා 21:8-10

  • වීඩියෝ එකේ ඉන්න පවුල ෆිලිප්ව ආදර්ශයට අරන් සතුට අද්දැකපු විදිහෙන්

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 101 සහ යාච්ඤාව