Skip to content

පටුනට යන්න

අගෝස්තු 5-11

ගීතාවලිය 70-72

අගෝස්තු 5-11

ගීතිකා අංක 59 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “මතු පරම්පරාවට” දෙවියන්ගේ බලය ගැන කියන්න

(විනා. 10යි)

දාවිත් යෞවන කාලේදී යෙහෝවාගේ රැකවරණය අද්දැක්කා (ගීතා 71:5; w99 9/1 18 17¶)

වයසට ගියාමත් ඔහු උදව් කරන විදිහ දාවිත් අද්දැක්කා (ගීතා 71:9; g04 10/8 19 3¶)

දාවිත් එයාගේ අද්දැකීම් යෞවන අයට කියලා එයාලව දිරිගැන්නුවා (ගීතා 71:17, 18; w14 1/15 23 4-5¶)

මේ ගැන හිතන්න. ‘කාලයක් යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරපු කෙනෙක් සභාවේ ඉන්නවාද? මට පුළුවන්ද එයාට පවුලේ නමස්කාරයට අඬගහලා එයාගේ අද්දැකීම අහන්න?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 72:8උත්පත්ති 15:18 යෙහෝවා ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව සලමොන් රජගේ කාලේ ඉටු වුණේ කොහොමද? (it-1-E 768)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. කෙනෙක් වාදෙකට පැටලෙන්න එද්දී සංවාදය හොඳ විදිහට නතර කරන්න. (th 12වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. නෑදෑයෙක් එක්ක කලින් වතාවක කතා කරපු විෂයෙන්ම පටන් අරන් සාකච්ඡාව කරගෙන යනවා. හැබැයි එයා බයිබල් පාඩමක් කරන්න අකමැත්තක් පෙන්නනවා. (th 19වෙනි පාඩම)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) දේශනය. ijwfq 49—තේමාව: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් පැහැදිලි කරන විදිහ වෙනස් කරලා තියෙන්නේ ඇයි? (th 17වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 76

7. පවුලේ නමස්කාරයට යෝජනා

(විනා. 15යි) සාකච්ඡාවක්.

පවුලේ නමස්කාරය කියන්නේ ‘හික්මවීම් ලබන එකේ සහ දෙවියන් හිතන විදිහට හිතන එකේ’ වැදගත්කම ඉගෙනගන්න දරුවන්ට ලැබෙන හොඳ අවස්ථාවක්. (එෆී 6:4) සාමාන්‍යයෙන් දෙයක් ඉගෙනගන්න මහන්සි වෙන්න ඕනේ. හැබැයි බයිබල් සත්‍යයන් ගැන දරුවන්ගේ හිතේ තියෙන අගය වැඩි වෙද්දී ඒක එයාලා ආසාවෙන් කරයි. (යොහ 6:27; 1පේතෘ 2:2) “ යෝජනා කීපයක්” කියන කොටුවේ පවුලේ නමස්කාරය තව රසවත් කරගන්න දෙමාපියන්ට උදව් වෙන තොරතුරු තියෙනවා. ඒවා ගැන සඳහන් කරලා මේ ප්‍රශ්න අහන්න.

  • ඔයා අදාළ කරගන්න කැමති මොන යෝජනාද?

  • ඔයාට ප්‍රයෝජනවත් වුණ වෙනත් යෝජනා තියෙනවාද?

‘පවුලේ නමස්කාරයට අලුත් පණක්!’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ළමයි ගෙදරින් ගියාට පස්සෙත් නෝනාට ආස හිතෙන විදිහට පවුලේ නමස්කාරය කරන්න පුළුවන් කොහොමද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 21 පරි. 1-12¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 123 සහ යාච්ඤාව