Skip to content

පටුනට යන්න

ජූලි 15-21

ගීතාවලිය 63-65

ජූලි 15-21

ගීතිකා අංක 108 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ‘ඔබ පෙන්වන මහත් ප්‍රේමය මගේ ජීවිතයටත් වඩා වටිනවා’

(විනා. 10යි)

යෙහෝවාත් එක්ක තියෙන කිට්ටු බැඳීම ජීවිතේටත් වඩා වටිනවා (ගීතා 63:3; w01 10/15 15-16 17-18¶)

යෙහෝවා පෙන්නන නොසැලෙන ආදරේ ගැන කල්පනා කරන එකෙන් ඔහු ගැන අපිට තියෙන අගය වැඩි වෙනවා (ගීතා 63:6; w19.12 28 4¶; w15 10/15 24 7¶)

දෙවියන් පෙන්නන නොසැලෙන ආදරේ ගැන අගය වැඩි වෙද්දී සතුටින් ඔහුට ප්‍රශංසා කරන්න අපි පෙලඹෙනවා (ගීතා 63:4, 5; w09 7/15 16 6¶)

පවුලේ නමස්කාරයට: යෙහෝවා ඔයාට නොසැලෙන ආදරයක් පෙන්නපු විදි ගැන කතා කරන්න.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 64:3—අනිත් අයව දිරිගන්වන විදිහට කතා කරන එක වැදගත් කියලා මේ පදෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (w07 11/15 15 6¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) ගෙයින් ගෙට. නිවැසියාට ඔයාගේ භාෂාව කතා කරන්න බැහැ. (th 12වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) අවිධිමත්ව. සාක්ෂියක් දරන්නත් කලින් කතාව නතර වෙනවා. (th 19වෙනි පාඩම)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. එයා උනන්දු වෙන දේවල් ගැන දැනගෙන ආයේ කතා කරන්න වෙලාවක් දාගන්න. (th 3වෙනි පාඩම)

7. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 4යි) නිරූපණයක්. ijwfq 51—තේමාව: “අපි කැමති නෑ” කියලා තියෙද්දීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආයෙත් එන්නේ ඇයි? (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 154

8. දෙවියන්ට ඔයාගේ ආදරේ පෙන්නන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෙහෝවා ‘පෙන්වන ළැදි ප්‍රේමය අතිමහත්.’ (ගීතා 86:15, පාදසටහන) එතන “ළැදි ප්‍රේමය” කියලා කියන්නේ යෙහෝවා පෙන්නන නොසැලෙන ආදරේට. ඒ ආදරේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. මොන දේ වුණත් ඔහු ආදරේ කරන කෙනා ළඟින්ම ඉන්නවා. යෙහෝවා පොදුවේ හැමෝටම ආදරේ පෙන්නනවා. හැබැයි ඔහු නොසැලෙන ආදරයක් පෙන්නන්නේ ඔහුත් එක්ක විශේෂ බැඳීමක් තියෙන අයට විතරයි. (ගීතා 33:18; 63:3; යොහ 3:16; ක්‍රියා 14:17) යෙහෝවා පෙන්නන ඒ ආදරේ අපි අගය කරනවා නම් අපිත් ඔහුට ආදරේ කරනවා. ඒකට ඔහු දීලා තියෙන ආඥාවලට අපි කීකරු වෙන්න ඕනේ. ඒ ආඥාවලට ‘ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන එකත්’ ඇතුළත්.—මතෙ 28:19; 1යොහ 5:3.

‘සේවයේදී නොසැලෙන ආදරයක් පෙන්වමු’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

මේ වගේ වෙලාවට දේශනා කරන්න ආදරේ උදව් වෙන්නේ කොහොමද?

  • මහන්සියෙන් ඉද්දී

  • විරුද්ධවාදිකම් එද්දී

  • එදිනෙදා වැඩවලදී

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 79 සහ යාච්ඤාව