Skip to content

පටුනට යන්න

ජූලි 29–අගෝස්තු 4

ගීතාවලිය 69

ජූලි 29–අගෝස්තු 4

ගීතිකා අංක 13 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යේසුස්ගේ ජීවිතේ වෙන දේවල් ගැන ගීතාවලිය 69 කලින්ම කියලා තිබුණා

(විනා. 10යි)

කිසිම හේතුවක් නැතුව මිනිස්සු යේසුස්ට වෛර කළා (ගීතා 69:4; යොහ 15:24, 25; w11 8/15 11 17¶)

යෙහෝවාගේ ගෘහය ගැන යේසුස්ට ලොකු ළැදියාවක් තිබුණා (ගීතා 69:9; යොහ 2:13-17; w10 12/15 8-9 7-8¶)

යේසුස්ගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. ඒ වගේම ඔහුට බොන්න තිත්ත දෙයක් මිශ්‍ර කරපු වයින් දුන්නා (ගීතා 69:20, 21; මතෙ 27:34; ලූක් 22:44; යොහ 19:34; g96 1/8 31 4¶; it-2-E 650)


මේ ගැන හිතලා බලන්න. ගැලවුම්කරු ගැන අනාවැකි යෙහෝවා හෙබ්‍රෙව් ලියවිල්ලට ඇතුළත් කළේ ඇයි?

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 69:30, 31—අපේ යාච්ඤා තව අර්ථවත් කරගන්න මේ පද උදව් වෙන්නේ කොහොමද? (w99 1/15 18 11¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. සමහර අයට සත්‍යය පිළිගන්න කාලයක් යන නිසා ඉවසන්න

(විනා. 7යි) සාකච්ඡාවක්. w14 3/15 4-5.

5. බල කරන්න එපා, තේරුම්ගන්න, ඉවසන්න

(විනා. 8යි) සාකච්ඡාවක්. w22.01 11 12¶; w19.08 14 2¶; 15 6¶; 17 10¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 134

6. සභා අවශ්‍යතා

(විනා. 5යි)

7. පවුලේ නමස්කාරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් . . .

(විනා. 10යි) සාකච්ඡාවක්.

2009 ජනවාරි මාසේ ඉඳන් පොත් පාඩමයි, සේවා පාසැලයි, සේවා රැස්වීමයි එකතු කරලා සති මැද රැස්වීම හඳුන්වලා දුන්නා. මේ වෙනස නිසා එක එක පවුලට ගැළපෙන විදිහට හැම සතියකම පවුලේ නමස්කාරය කරන්න හැන්දෑ වරුවක් හම්බ වුණා. ඒකෙන් යෙහෝවාටයි, පවුලේ අයටයි තවත් ළං වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මේ සැලැස්මට හුඟක් අය ආසයි.—ද්වි 6:6, 7.

මේ හැන්දෑ වරුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පවුලේ මූලිකයන්ට කරන්න පුළුවන් මොනවාද?

  • මඟ හැරෙන්න දෙන්න එපා. පුළුවන් නම් හැම සතියකම පවුලේ නමස්කාරය කරන්න නිශ්චිත වෙලාවක් දාගන්න. ඒ දවසට කරන්න බැරි වුණොත් ඒක කරන්න පුළුවන් තව දවසක් කලින්ම දාගෙන තියාගන්න

  • ලෑස්ති වෙන්න. නෝනාගෙනුත් අදහස් ගන්න. ඉඳලා හිටලා දරුවන්ගෙනුත් අහන්න. දැනටමත් පවුලේ නමස්කාරයට පවුලේ අය සතුටින් හවුල් වෙනවා නම් අලුත් අලුත් දේවල් කරන්න ඕනෑවට වඩා ලෑස්ති වෙන්න ඕනෙ නැති වෙයි

  • පවුලේ අයට ගැළපෙන විදිහට කරන්න. ළමයි ටිකෙන් ටික ලොකු වෙද්දී එයාලාගේ අවශ්‍යතා, එයාලාගේ හැකියාවන් වෙනස් වෙනවා. ඒ නිසා පවුලේ නමස්කාරයට ඔයා තෝරගන්න දේවල් පවුලේ හැම කෙනෙක්ටම යෙහෝවාට තව ළං වෙන්න උදව් වෙන්න ඕනේ

  • නිදහසේ කතා කරන්න පුළුවන්, ආදරෙන් පිරුණු එකක් කරගන්න. ඉඳලා හිටලා පවුලේ නමස්කාරය එළිමහනක කරන්න. එක දිගටම කරන්න අමාරුයි නම් අතරමැද පොඩි විවේකයක් ගන්න. ඇත්ත, පවුලේ අය මූණ දෙන අභියෝග ගැන කතා කරන්න ඕනේ. හැබැයි ඒක පවුලේ අයව හික්මවන්න, බනින්න කරන්න අවස්ථාවක් කරගන්න එපා

  • විවිධත්වයක් දෙන්න. රැස්වීමක කොටසකට ලෑස්ති වෙන්න. jw.org එකේ තියෙන වීඩියෝ එකක් බලලා ඒ ගැන කතා කරන්න. සේවේදී කතා කරන විදිහ පෙරහුරු කරන්න. ඇත්ත, පවුලක් විදිහට එකතු වෙලා කතාබහ කරන එක තමයි පවුලේ නමස්කාරයේ ප්‍රධානම දේ. හැබැයි පවුලේ අයට වෙන වෙනම අධ්‍යයනය කරන්නත් ඒ වෙලාව පාවිච්චි කරන්න පුළුවන්

මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න.

  • ඔයා ඒ පැති අදාළ කරගෙන තියෙන්නේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 114 සහ යාච්ඤාව