Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ලූක් 10-11

කාරුණික සමරිතානුවරයා ගැන උපමාව

කාරුණික සමරිතානුවරයා ගැන උපමාව

10:25-37

“මගේ අසල්වැසියා කවුද” කියලා අහපු මිනිසාට උත්තරයක් විදිහටයි යේසුස් ඒ උපමාව කිව්වේ. (ලූක් 10:25-29) සමරිතානුවන් ඇතුළු “සියලු ආකාරයේ මිනිසුන්” ක්‍රිස්තියානි සභාවට එකතු වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. (යොහ 12:32) ඒ උපමාවෙන් යේසුස්ගේ අනුගාමිකයන් තේරුම්ගත්තා තමන්ට වඩා හුඟක් පැතිවලින් වෙනස් අයට වුණත් ආදරේ කරන්න ලොකු වෑයමක් දරන්න ඕනෙ කියලා.

මෙහෙම හිතන්න.

  • ‘විවිධ සංස්කෘතීන්වලට අයිති සහෝදර සහෝදරියන් ගැන මට හැඟෙන්නේ කොහොමද?’

  • ‘මං වැඩිපුර ආශ්‍රය කරන්නේ මගේ සංස්කෘතියේ අයව විතරද?’

  • ‘වෙනත් සංස්කෘතීන්වලට අයිති අයවත් ආශ්‍රය කරලා එයාලා ගැන මගේ හිතේ තියෙන ආදරේ වැඩි කරගන්න මට පුළුවන්ද?’ (2කොරි 6:13)

මං කාටද ආරාධනා කරන්නේ . . .

  •  මාත් එක්ක සේවයේ යන්න?

  •  අපේ ගෙදර කෑමකට?

  •  ඊළඟ වතාවේ අපේ පවුලේ නමස්කාරයට?