Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ලූක් 6-7

ත්‍යාගශීලී කෙනෙක් වෙන්න

ත්‍යාගශීලී කෙනෙක් වෙන්න

6:38

ත්‍යාගශීලී කෙනෙක් තමන්ගේ කාලය, ශක්තිය සහ තමන් සතු දේවල් අනිත් අයට උදව් කරන්නත් දිරිගන්වන්නත් කැමැත්තෙන්ම යොදාගන්නවා.

  • “දීමට පුරුදු වන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් කාවද්දන්නේ දිගටම කරන ක්‍රියාවක්. ඒ කියන්නේ අනිත් අයට දෙන එක අපි දිගටම කරන්න ඕන දෙයක් කියන එකයි

  • පුරුද්දක් විදිහට අපි අනිත් අයට දෙද්දී අනිත් අයත් අපිට දෙන්න පෙලඹෙයි. බයිබලයේ කියන්නේ ‘ඔවුන් දෙන විට දෙන දේ සොලවා, තද කර, පිරී ඉතිරී යන විදිහට ඔබේ ඔඩොක්කුවලට මැන දෙයි’ කියලයි. ඒ කාලේ සමහර වෙළෙන්දන් යම් දේවල් මිල දී ගන්නා අයගේ පිටත වස්ත්‍රයේ සකස් කරපු මල්ල පිරී ඉතිරී යන කල්ම ඒ දේවල් දාන්න පුරුදු වෙලා හිටියා. මේ පදයේ යොමු දක්වලා තියෙන්නේ ඒ පුරුද්ද ගැන වෙන්න ඇති