Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - ‘සත්‍යය පිළිගන්න කැමති’ අයට ගෝලයන් වෙන්න උදව් කරන්න

සේවයේ දක්ෂ වීමට - ‘සත්‍යය පිළිගන්න කැමති’ අයට ගෝලයන් වෙන්න උදව් කරන්න

ඒක වැදගත් ඇයි? යෙහෝවා දෙවි ‘සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගන්න කැමති’ අයගේ හිත්වල සත්‍යයේ බීජ වැඩෙන්න සලස්වනවා. (ක්‍රියා 13:48; 1කොරි 3:7) දෙවිගේ හවුල් වැඩකරුවන් විදිහට අපි උත්සාහ කරන්න ඕනෙ අපේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන අයව හොයන්න. (1කොරි 9:26) ගැලවීම ලබාගන්න නම් බව්තීස්ම වෙන එක අනිවාර්ය දෙයක් කියන දේ බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගන්න ඕනේ. (1පේතෘ 3:21) එයාලට ගෝලයන් වෙන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? අවශ්‍ය වෙනස්කම් කරගන්න, දේශනා කරන්න, උගන්වන්න සහ ජීවිතය දෙවිට කැප කරන්න අපි එයාලට උදව් කරන්න ඕනේ.—මතෙ 28:19, 20.

ඒක කරන්නේ කොහොමද?

  • බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න ඕනෙ යෙහෝවා දෙවිව ‘දැන හඳුනා ගෙන’ ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන අරමුණ ඇතුවයි කියලා ශිෂ්‍යයන්ට මතක් කරන්න.—යොහ 17:3.

  • නරක පුරුදු සහ නරක ආශ්‍රය වගේ දියුණුවට බාධා වෙන දේවල් ජය අරන් දෙවිට ළං වෙන්න එයාලට උදව් කරන්න

  • බව්තීස්ම වුණාට පස්සෙත් දිගටම එයාලව ශක්තිමත් කරන්න, දිරිගන්වන්න.—ක්‍රියා 14:22

‘යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ජීවිතය දෙවිට කැප කරන්නත් බව්තීස්ම වෙන්නත් කෙනෙක්ට බාධාවක් වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද?

  • සත්‍යය තුළ දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

  • යෙසායා 41:10න් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • අපි අසම්පූර්ණ වුණත් දෙවිට පිළිගන්න පුළුවන් විදිහට නමස්කාර කරන්න නම් අපිට තියෙන්න ඕනෙ මොන ගුණාංගද?

යෙහෝවා දෙවිත් එක්ක එකතු වෙලා මිනිසුන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?