දරුණු විදිහට පීඩා කරපු කෙනෙක් උද්යෝගයෙන් දේශනා කරයි
සාවුල් ඉගෙනගත්ත දේවල් ඉක්මනින්ම අදාළ කරගත්තා. එයාට එහෙම කරන්න පුළුවන් වුණේ එයා දෙවිට හුඟක් ආදරේ කරපු නිසයි. එයා මිනිසුන්ට බය වුණෙත් නැහැ. ඒ වගේම ක්රිස්තුස් තමන්ට පෙන්වපු දයාව ගැනත් එයාගේ හිතේ ලොකු අගයක් තිබුණා. ඔයා තවමත් බව්තීස්ම වෙලා නැත්නම් සාවුල් වගේ ඉගෙනගන්න දේවල් ඉක්මනින්ම අදාළ කරගන්න ඔයා ආස නැද්ද?