යහපත් ක්‍රිස්තියානීන් වෙමු
කල් නොදා ඉන්න උදව්වක්!
වැඩ කල් දාන කෙනෙක් බලන්නේ අද කරන්න තියෙන දේ හෙට කරන්න. ඒත් යේහු ඒ වගේ කෙනෙක් නෙමෙයි. ආහබ්ගේ පවුලේ අයව මරන්න පැවරුම ලැබුණම එයා එක මොහොතක්වත් කල් දැම්මේ නැහැ. (2රාජා 9:6, 7, 16) “බයිබලේ කියවන්න අද හෙටම පටන්ගන්නවා.” “තව අවුරුද්දකින් දෙහෙකින් බව්තීස්ම වෙන්න බලනවා.” “හොඳ ජොබ් එකක් හම්බුණ ගමන්ම පුරෝගාමී පටන්ගන්නවා.” සමහර අය එහෙම කියනවා ඇහිලා ඇති. ඒත් නමස්කාරයට සම්බන්ධ දේවල් කල් දාන්නේ නැතුව ඉන්න යෙහෝවා අපිට උදව් කරනවා.
කල් නොදා ඉන්න මේ බයිබල් පද උදව් වෙන්නේ කොහොමද?