Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!

බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!

අතලියා රැජින යූදා දේශයේ පාලනය තමන් අතට ගන්න රජ පෙළපතට අයිති හැමෝවම මැරුවා (2රාජා 11:1; it-1-E 209; “‘ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි’—2රාජා 9:8” වගුව බලන්න)

රජකමට උරුමකම් කියපු යෙහෝයාෂ්ව යෙහෝෂෙබා හංගගත්තා (2රාජා 11:2, 3)

උත්තම පූජක යෙහෝයාදා, යෙහෝයාෂ්ව රජකමට පත් කරලා දුෂ්ට අතලියාව මැරුවා. පේන විදිහට ආහබ්ගේ රජ පවුලේ අන්තිම සාමාජිකයා අතලියා වෙන්න ඇති (2රාජා 11:12-16; it-1-E 209)

මේ ගැන හිතලා බලන්න. මේ වාර්තාවෙන් හිතෝපදේශ 11:21 සහ දේශනාකාරයා 8:12, 13 පදවල කියන දේ ඇත්තයි කියලා ඔප්පු වෙන්නේ කොහොමද?