යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දීමට පුරුදු වෙන්න”
ත්‍යාගශීලිකම බෝ වෙනවා. යේසුත් ඒ ගැන කිව්වා. (ලූක් 6:38) අපි සහෝදර සහෝදරියන්ට ලෝභ නැතුව දෙනවා නම් එයාලත් ඒ දේම කරන්න පෙලඹෙනවා.
කැමැත්තෙන් දෙන එක අපේ නමස්කාරයට අයිති දෙයක්. අගහිඟකම් තියෙන අයට කරුණාවෙන් සලකන අය දිහා යෙහෝවා බලාගෙන ඉන්නවා. එයාලට ආශීර්වාද කරනවා කියලත් පොරොන්දු වෙනවා.—හිතෝ 19:17.
‘දීමේ පුරුද්දට තැන්ක් යූ’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ඔයා දෙන සම්මාදම් ඔයාගේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පාවිච්චි කරන්නේ කොහොමද?
-
අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය මොකක් වුණත් අපි දිගටම ත්‍යාගශීලී වෙන්න ඕනෙ ඇයි?—jw.org වෙබ් අඩවියේ තියෙන “වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි” කියන ලිපියත් බලන්න.