Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපේ හොඳ නම රැකගන්න මාත් උදව් වෙනවාද?

අපේ හොඳ නම රැකගන්න මාත් උදව් වෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැසිරෙන විදිහ ගැන මිනිස්සු හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. (1කොරි 4:9) ඒ නිසා මෙහෙම අහගමු. ‘මම වැඩ කරන්නේ, කතාබහ කරන්නේ යෙහෝවාට ගෞරවයක් එන විදිහටද?’ (1පේතෘ 2:12) සාක්ෂිකරුවන් අවුරුදු ගාණක් තිස්සේ ඇති කරගෙන තියෙන හොඳ නමට හානි වෙන විදිහේ කිසිම දෙයක් කරන්න අපිට ඕනෙ නැහැ.—දේශ 10:1.

මේ වගේ අවස්ථාවලදී සාක්ෂිකරුවන් විදිහට අපි වැඩ කරන්න ඕනෙ විදිහ සහ ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්තියක් ලියන්න.

  • සත්‍යයට අකමැති කෙනෙක් කේන්තියෙන් ඔයාට බනිද්දී

  • ඔයාගේ ඇඳුම්, වාහනේ, ගේ අපිරිසිදුව, අපිළිවෙළට තියෙද්දී

  • රටේ නැත්නම් ප්‍රදේශයේ දාලා තියෙන නීතියක් සාධාරණ නැහැ, පිළිපදින්න අමාරුයි කියලා හිතෙද්දී

ලේඛන අංශයේ ඉන්න පර්යේෂකයන් අපේ හොඳ නමට දායක වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න.

‘සත්‍යය ගැන ලොකු අගයක් සහ ගෞරවයක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

නිවැරදි තොරතුරු ලබා දෙන්න සංවිධානය වෙන මහන්සිය ගැන ඔයාගේ හිතට වැදුණේ මොකක්ද?