යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙමව්පියෙනි, යෙහෝවාගේ හිත සතුටු කරන්න දරුවන්ට කියා දෙන්න
අපේ පුංචි මල් කැකුළු යෙහෝවාට ගොඩක් වටිනවා. එයාලාගේ හිත්වල යෙහෝවාට තියෙන ආදරෙයි විශ්වාසෙයි වැඩි වෙන විදිහ, එයාලා විඳදරාගන්න විදිහ ඔහු ආසාවෙන් බලාගෙන ඉන්නවා. (1සාමු 2:26; ලූක් 2:52) එයාලා පුංචි වුණත් හොඳට හැසිරිලා යෙහෝවාගේ හිත සතුටු කරන්න එයාලටත් පුළුවන්. (හිතෝ 27:11) යෙහෝවාට ආදරේ කරන්න, කීකරු වෙන්න දරුවන්ට උගන්නන්න ඕනෙ කරන වටිනා තෑගි යෙහෝවා ඔහුගේ සංවිධානය මාර්ගෙන් දෙමව්පියන්ට දීලා තියෙනවා.
‘යෞවනයෙනි, ඔයාලා විඳදරාගද්දී යෙහෝවා දෙවි සතුටු වෙනවා’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
දරුවන්ට උදව් කරන්න, මඟ පෙන්නන්න අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දීලා තියෙන්නේ මොනවාද?
-
දරුවන්ව පුහුණු කරන්න දෙමව්පියන්ට මෑත කාලේදී දීලා තියෙන්නේ මොනවාද?
-
දුවේ, පුතේ, ඔයාට යෙහෝවා දීලා තියෙන මොන දේවල්වලින්ද ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ? ඔයා එහෙම කියන්නේ ඇයි?