Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

අනිත් අයව සනසවද්දී එලිෆස් වගේ වෙන්න එපා!

අනිත් අයව සනසවද්දී එලිෆස් වගේ වෙන්න එපා!

මිනිස්සුන්ට කවදාවත් දෙවියන්ව සතුටු කරන්න බැහැ කියලා එලිෆස් යෝබ්ට කිව්වා (යෝබ් 15:14-16; w05 9/15 26 4-5¶)

එලිෆස් යෝබ්ට නොකියා කිව්වා ‘ඔයා දුෂ්ට කෙනෙක්, ඒකයි මෙච්චර දුක් විඳින්නේ’ කියලා (යෝබ් 15:20)

එලිෆස්ගේ වචනවලින් යෝබ්ට කිසිම සහනයක් දැනුණේ නැහැ (යෝබ් 16:1, 2)

එලිෆස් යෝබ්ට කිව්වේ බොරුවක්. අපි යෙහෝවාට සේවය කරන්න ගන්න මහන්සිය ඔහු ගොඩක් අගය කරනවා. (ගීතා 149:4) ධර්මිෂ්ඨ අයටත් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා.—ගීතා 34:19.

මේ ගැන හිතලා බලන්න. මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ව සැනසෙන විදිහට කතා කරන්න අපිට පුළුවන් කොහොමද?—1තෙස 5:14; w15 2/15 9 16¶