යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”
අපි දුප්පත් නම් සල්ලි හොයන්න ගිහින් යෙහෝවා එක්ක තියෙන බැඳීමට හානියක් වෙන විදිහේ දෙයක් කරන්න ඉඩ තියෙනවා. උදාහරණෙකට වැඩිපුර සල්ලි හොයන්න ලැබෙන චාන්ස් එකක් නිසා නමස්කාරයේ දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හෙබ්‍රෙව් 13:5 කියන දේ ගැන හොඳට කල්පනා කරන එක අපිට උදව් වෙනවා.
“ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න”
-
ඔයා සල්ලිවලට දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද කියලා යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න. ඔයාගේ දරුවන්ට ඔයා තියන්නේ මොන වගේ ආදර්ශයක්ද කියලත් හිතන්න.—g 9/15 6.
“ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”
-
අවශ්‍යම දේවල් මොනවාද කියලා අඳුරගෙන, ඔයා හිතන විදිහ සකස් කරගන්න.—w16.07 7 1-2¶.
“මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි”
-
දෙවියන්ට මුල් තැන දුන්නොත් අපිට ඕනෙ කරන දේවල් දීලා අපිව බලාගන්න යෙහෝවාට පුළුවන් කියලා විශ්වාස කරන්න.—w14 4/15 21 17¶.
‘හිතේ සාමය රැකගන්න අපේ සහෝදරයන් - ආර්ථික ප්‍රශ්න මැද’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.
මිගෙල් නොවෝආගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?