Skip to content

පටුනට යන්න

දෙසැම්බර් 16-22

ගීතාවලිය 119:57-120

දෙසැම්බර් 16-22

ගීතිකා අංක 129 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ප්‍රශ්න දරාගන්නේ කොහොමද?

(විනා. 10යි)

දිගටම බයිබලේ කියවලා අධ්‍යයනය කරන්න (ගීතා 119:61; w06 6/15 20 2¶; w00 12/1 14 3¶)

පීඩාවලට ඔයාව අඹන්න ඉඩ දෙන්න (ගීතා 119:71; w06 9/1 14 4¶)

සහනය ලබන්න යෙහෝවා දිහාවට හැරෙන්න (ගීතා 119:76; w17.07 13 3¶,)

මේ ගැන හිතන්න. ‘මට ආපු ප්‍රශ්නවලදී විඳදරාගන්න යෙහෝවා මට උදව් කරලා තියෙන විදි මොනවාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 119:96—මේ පදෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? (w06 9/1 14 5¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 119:57-80 (th 12 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. නිවැසියාට අපේ වෙබ් අඩවිය පෙන්නලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (lmd 2 පාඩමේ 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. නිවැසියාට ඊළඟ බයිබල් දේශනයට ආරාධනා කරන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක ගැන කියන්න. (lmd 8 පාඩමේ 3 කරුණ)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) නිරූපණයක්. ijwbq 157—තේමාව: ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ? (lmd 3 පාඩමේ 3 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 128

7. විඳදරාගන්න යෙහෝවා උදව් කරනවා

(විනා. 15යි) සාකච්ඡාවක්.

විඳදරාගන්න කෙනෙක් අමාරු දේවල් වෙද්දී නොසැලී ඒවාට මූණ දෙනවා. එයා ස්ථිරව ඉඳලා මේ ප්‍රශ්න හැම එකක්ම ඉවර වෙන දවස එන කල් බලාගෙන ඉන්නවා. අපිත් විඳදරාගන්නවා නම් “පහුබහින්නෙවත්” අපේ ගමනේ වේගය අඩු කරන්නෙවත් නැහැ. (හෙබ්‍රෙ 10:36-39) ප්‍රශ්න දරාගන්න අපිට උදව් කරන්න යෙහෝවා කැමැත්තෙන් ඉන්නවා.—හෙබ්‍රෙ 13:6.

මේ එක් එක් බයිබල් පදේ ළඟින් යෙහෝවා අපිට විඳදරාගන්න උදව් කරන විදිහ ලියන්න.

‘පීඩා මැදින් යන අයට යාච්ඤාවෙන් අත දෙන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • දුෂ්කර දේවලට මූණ දෙන සහෝදරයන් ගැන දැනගන්න jw.org වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

  • අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

  • සහෝදර සහෝදරියන්ට විඳදරාගන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන එක වැදගත් ඇයි?

  • අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන එක අපිට විඳදරාගන්න උදව් වෙන්නේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 32 සහ යාච්ඤාව