Skip to content

පටුනට යන්න

2024 දෙසැම්බර් 30–2025 ජනවාරි 5

ගීතාවලිය 120–126

2024 දෙසැම්බර් 30–2025 ජනවාරි 5

ගීතිකා අංක 144 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

බැබිලෝනියේ ඉඳන් ආපු ඊශ්‍රායෙල්වරු හරිම සතුටින් අස්වැන්න නෙළාගන්නවා. මොකද යෙහෝවා එයාලට ආශීර්වාද කරලා තියෙනවා

1. එයාලා කඳුළු සලමින් වැපුරුවත් ප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නවා

(විනා. 10යි)

බැබිලෝනියෙන් නිදහස් වෙලා ඇවිත් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න ලැබුණාම ඊශ්‍රායෙල්වරු ගොඩක් සතුටු වුණා (ගීතා 126:1-3)

එයාලා යූදාවලට ආවාම එයාලට කරන්න වැඩ කන්දරාවක් තිබ්බා. ඒ නිසා සමහරවිට එයාලා කඳුළු සලන්න ඇති (ගීතා 126:5; w04 6/1 16 10¶)

සෙනඟ දිගටම දෙවියන්ගේ කැමැත්ත කළා. එයාලට ඔහුගෙන් ආශීර්වාද ලැබුණා (ගීතා 126:6; w21.11 25 17¶; w01 7/15 18-19 13-14¶; පින්තූරය බලන්න)

මේ ගැන හිතලා බලන්න. අර්මගෙදොන් යුද්දෙන් පස්සේ හැම දේම ආයෙත් ගොඩනඟන කාලේදී අපි මොන වගේ අභියෝගවලට මූණ දෙයිද? අපි මොන වගේ ආශීර්වාද නෙළාගනියිද?

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 124:2-5—යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කළා වගේ අපිවත් ආරක්ෂා කරයිද? (cl 73 15¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 124:1–126:6 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. (lmd 3 පාඩමේ 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් වතාවේ ඔයා දැනගත්තා නිවැසියාට බයිබලේ ගැන සැකයන් තියෙනවා කියලා. (lmd 9 පාඩමේ 5 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 155

7. යෙහෝවාගේ පොරොන්දු ගැන හිතලා සතුටු වෙන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෙහෝවා බැබිලෝනියේ වහල්ලු විදිහට හිටපු තමන්ගේ සෙනඟට වුණ පොරොන්දුව ඉටු කළා. ඔහු එයාලව නිදහස් කළා. ඒ වගේම එයාලා අතීතයේදී කරපු වැරදිවලට සමාව දුන්නා. (යෙසා 33:24) එයාලා බැබිලෝනියේ හිටපු කාලේ යෙරුසලම සිංහයන්ගෙන් වගේම තවත් භයානක වනසතුන්ගෙන් පිරිලා තිබුණේ. හැබැයි යෙහෝවා එයාලවයි, එයාලාගේ සතුන්වයි උන්ගෙන් ආරක්ෂා කළා. (යෙසා 65:25) එයාලාගෙම ගෙවල්වල ජීවත් වෙන්න, එයාලම වගා කරපු දේවල් කන්න එයාලට අවස්ථාව තිබුණා. (යෙසා 65:21) දෙවියන් එයාලාගේ වැඩවලට ආශීර්වාද කළා. එයාලා හුඟක් කල් සතුටින් ජීවත් වුණා.—යෙසා 65:22, 23.

Waterfall: Maridav/stock.adobe.com; mountains: AndreyArmyagov/stock.adobe.com

‘සාමකාමී කාලයක් ගැන දෙවියන්ගේ පොරොන්දු - කෙටි වීඩියෝව’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ඒ අනාවැකි දැන් ඉටු වෙන්නේ මොන විදිවලින්ද?

  • අනාගතයේදී ඒවා මීටත් වඩා ශ්‍රේෂ්ඨ විදිහට ඉටු වෙන්නේ කොහොමද?

  • ඔයා වැඩියෙන්ම ආස මොන දේ ඉටු වෙනවා දකින්නද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 58 සහ යාච්ඤාව