Skip to content

පටුනට යන්න

නොවැම්බර් 18-24

ගීතාවලිය 107–108

නොවැම්බර් 18-24

ගීතිකා අංක 7 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්”

(විනා. 10යි)

යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියෙන් ගලවගත්තා වගේ අපිවත් සාතන්ගේ ලෝකෙන් ගලවගත්තා (ගීතා 107:1, 2; කොලො 1:13, 14)

යෙහෝවා ගැන අපේ හිතේ තියෙන අගය අපිව පොලඹවනවා සභාවේදී ඔහුට ප්‍රශංසා කරන්න (ගීතා 107:31, 32; w07 4/15 20 2¶)

යෙහෝවා අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතද්දී ඔහු ගැන තියෙන ආදරේ වැඩි වෙනවා (ගීතා 107:43; w15 1/15 9 4¶)

2. දේවවචනය නිධානයක්

(විනා. 10යි)

  • ගීතා 108:9—යෙහෝවා ඔහුගේ “අත පය හෝදගන්න භාජනයට” මෝවබ්වරුන්ව සමාන කරලා තියෙන්නේ ඇයි? (it-2-E 420 4¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 107:1-28 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. (lmd 1 පාඩමේ 4 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. අපි බයිබල් පාඩම් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (lmd 9 පාඩමේ 3 කරුණ)

6. දේශනය

(විනා. 5යි) ijwyp 90—තේමාව: අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද? (th 14 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 46

7. අපි ගයන්නේ යෙහෝවාට ස්තුති කරන්නයි

(විනා. 15යි) සාකච්ඡාවක්.

රතු මුහුද ළඟදී යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව බලවත් ඊජිප්තු හමුදාවෙන් බේරගත්තාම සෙනඟ ඔහු කරපු දේ ගැන ගීතිකාවක් ගායනා කළා. (නික් 15:1-19) ඒ අලුත් ගීතිකාව ගායනා කරන්න පෙරමුණ ගත්තේ පුරුෂයන්. (නික් 15:21) මුල් සියවසේදී යේසුයි, ඔහුගේ ගෝලයෝයි දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කළා. (මතෙ 26:30; කොලො 3:16) අපිත් අපේ හිතේ යෙහෝවා ගැන තියෙන අගය රැස්වීම්වලදී, සමුළුවලදී ගීතිකාවලින් කියනවා. උදාහරණෙකට අපි දැන් ගායනා කරපු “යෙහෝවා දෙවිට ස්තුති වෙමු” කියන ගීතිකාව අපි කියන්නේ 1966 ඉඳන්.

සමහර සංස්කෘතීන්වල කට්ටිය ඉස්සරහා සින්දු කියන්න පිරිමි අය කැමති නැහැ. තවත් අය හිතනවා එයාලට ලස්සනට සින්දු කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නවා කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ රැස්වීම්වලදී ගීතිකා කියන එක අපේ නමස්කාරයේ කොටසක් කියලා. ගීතිකා හදන්න, හැම රැස්වීමකදීම කියන ගීතිකා තෝරන්න සංවිධානය ලොකු වෙහෙසක් ගන්නවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. ඒ, ස්වර්ගයේ ඉන්නේ අපේ තාත්තා ගැන අපේ හිතේ තියෙන ආදරේ, අගය පෙන්නන්න අනිත් හැමෝගෙම හඬට අපේ හඬත් එකතු කරන එකයි.

‘අපේ ඉතිහාස කතාව - ත්‍යාගයකි ගීතිකා, 2වෙනි කොටස’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • 1944දී සිද්ධ වුණ විශේෂ දේ මොකක්ද?

  • සයිබීරියාවේ හිටපු සහෝදරයන් ගීතිකා කියන්න එයාලට තිබුණ ආසාව පෙන්නුවේ කොහොමද?

  • ගීතිකා කියන එක සාක්ෂිකරුවන් වැදගත් දෙයක් විදිහට සලකන්නේ ඇයි?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 3 පරි. 12-18¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 73 සහ යාච්ඤාව