Skip to content

පටුනට යන්න

නොවැම්බර් 4-10

ගීතාවලිය 105

නොවැම්බර් 4-10

ගීතිකා අංක 3 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ”

(විනා. 10යි)

යෙහෝවා ආබ්‍රහම්ට පොරොන්දුවක් දුන්නා. ඔහු ඒක ඊසාක්ටයි, යාකොබ්ටයි මතක් කළා (උත් 15:18; 26:3; 28:13; ගීතා 105:8-11)

බැලූ බැල්මට ඒ පොරොන්දුව ඉටු වෙන එක හීනයක් වගේ (ගීතා 105:12, 13; w23.04 28 11-12¶)

ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම යෙහෝවා අමතක කළේ නැහැ (ගීතා 105:42-44; it-2-E 1201 2¶)


මේ ගැන හිතන්න. ‘යෙහෝවාව සීයට සීයක් විශ්වාස කරන්න පුළුවන් කියලා දැනන් ඉන්න එක මට උදව් වෙන්නේ කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 105:17-19—“දෙවියන් කියපු දේවල්” නිසා යෝසෙප්ගේ ගුණාංග තව දියුණු වුණේ කොහොමද? (w16.08 23 13¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 105:24-45 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) ගෙයින් ගෙට. නිවැසියා කාර්යබහුලයි. (lmd 2 පාඩමේ 5 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) ගෙයින් ගෙට. කෙනෙක් වාද කරන්නයි එන්නේ කියලා තේරෙද්දී සංවාදය හොඳ විදිහට නතර කරන්න. (lmd 4 පාඩමේ 5 කරුණ)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් සැරේ හම්බ වුණ වෙලාවේ නිවැසියා උනන්දු වුණ විෂයක් ගැන කතා කරන සඟරාවක් දෙන්න. (lmd 8 පාඩමේ 3 කරුණ)

7. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ගැන කියලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ පෙන්නන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 84

8. ඔයාගේ ආදරේ පෙන්නන්න පුළුවන් විදි

(විනා. 15යි) සාකච්ඡාවක්.

අපේ කාලය, ශක්තිය, සල්ලි දේවරාජ්‍යයේ වැඩ වෙනුවෙන් දෙද්දී අපි පෙන්නන්නේ අපේ රජට අපි ආදරෙයි කියලා. අපි එහෙම ආදරේ පෙන්නද්දී යෙහෝවා අපි ගැන සතුටු වෙනවා වගේම ඒකෙන් අපේ සහෝදර සහෝදරියන්ටත් ප්‍රයෝජන ලැබෙනවා. (යොහ 14:23) අපේ සම්මාදම් ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලා jw.org එකේ “ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි” කියන ලිපි මාලාවෙන් දැනගන්න පුළුවන්.

‘පුංචි කාසියකින් ලොකු දුරක්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ආගමික නිදහස රැකගන්න සම්මාදම් පාවිච්චි කරන එකෙන් සහෝදරයන්ට ප්‍රයෝජන ලැබිලා තියෙන්නේ කොහොමද?

  • “තියෙන දේ සම සේ බෙදෙන” එක නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න උදව් වෙලා තියෙන්නේ කොහොමද?—2කොරි 8:14, පාදසටහන

  • බයිබලේ ගොඩක් භාෂාවලට පරිවර්තනය කරන්න සම්මාදම් පාවිච්චි කරන එකෙන් තියෙන ප්‍රයෝජන මොනවාද?

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 97 සහ යාච්ඤාව