Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 4-5

හොඳම දේ යෙහෝවා දෙවියන්ට දෙන්න

හොඳම දේ යෙහෝවා දෙවියන්ට දෙන්න

5:5-7, 11

යෙහෝවා දෙවියන්ගෙන් සමාව ලබාගන්න ඊශ්‍රායෙල්වරුන්ට දුප්පත්කම බාධාවක් වුණේ නැහැ. මොකද එයාලා අතරේ හිටපු දුප්පත්ම අය වුණත් දෙන්න පුළුවන් හොඳම දේ දෙවියන්ට දෙනවා නම් යෙහෝවා දෙවියන් ඒක පිළිගත්තා. එයාලට පිටි පූජා කරන්න අවස්ථාව තිබුණත් ඒ පිටි තමන්ගේ නිවසට ආපු විශේෂ අමුත්තන්ට ආහාර පිළියෙල කරන්න පාවිච්චි කරන “සිහින්” පිටි වෙන්න ඕනෙ වුණා. (උත් 18:6) පෞද්ගලිකව මුහුණ දෙන තත්වයන් නිසා අපිට දෙන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් වුණත් අපි දෙන්නේ අපේ උපරිමය නම් යෙහෝවා දෙවියන් ඒක ප්‍රශංසාව ගෙන දෙන පූජාවක් හැටියට අදත් පිළිගන්නවා.—හෙබ්‍රෙ 13:15.

සෞඛ්‍ය තත්වය හොඳ නැති නිසා හරි ශරීර ශක්තිය දුර්වල නිසා හරි ඉස්සර කරපු තරම්ම දේවල් කරන්න ඔයාට බැරි නම් මේ තොරතුරු ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?