ස්තුතිවන්තකම පෙන්වන්න පුළුවන් විදිහක්
යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් අපි අගය කරනවා කියලා අපේ යාච්ඤාවලින් සහ අපි වැඩ කරන විදිහෙන් පෙන්වන එකේ වැදගත්කම ගැන ඊශ්‍රායෙල්වරුන් ඔප්පු කරපු හවුල් පූජාවලින් අපිට මතක් කරලා දෙනවා.—ෆිලි 4:6, 7; කොලො 3:15.
-
අපේ යාච්ඤාවලදී යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න පුළුවන් නිශ්චිත දේවල් මොනවාද?—1තෙස 5:17, 18
-
යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට අපේ ස්තුතිවන්තකම පෙන්වන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
-
කෙනෙක් “භූතයන්ගේ මේසයට” හවුල් වෙන්න පුළුවන් විදි මොනවාද? ඒ වගේ කෙනෙක්ට යෙහෝවා දෙවියන් ගැන කිසි අගයක් නැහැ කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?—1කොරි 10:20, 21