දේවවචනය නිධානයක් | ලෙවී කතාව 8-9
යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියන්න සාක්ෂි
පූජකයන් විදිහට අලුතින් පත් වුණු ආරොන් සහ එයාගේ පුතාලා මුල්ම වතාවට ඔප්පු කරපු දවන පූජාව යෙහෝවා දෙවියන් ස්වර්ගයෙන් ගින්නක් එවලා දවා දැමුවා. දෙවියන් ඒකෙන් පෙන්නුවේ ඒ සැලැස්මට ඔහුගේ අනුමැතිය සහ ආශීර්වාදය තියෙනවා කියලයි. යෙහෝවා දෙවියන් එහෙම කරපු නිසා ඒ සිද්ධිය දැකපු අනිත් ඊශ්‍රායෙල්වරුන් පූජකයන්ට එයාලගේ උපරිම සහයෝගය දෙන්න පෙලඹුණා. දැන් යෙහෝවා දෙවියන් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා විදිහට පත් කරලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. (හෙබ්‍රෙ 9:11, 12) යේසුස් 1919දී අභිෂේක ලත් කුඩා පිරිසක්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට පත් කළා. (මතෙ 24:45) විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය, අනුමැතිය සහ උපකාරය තියෙනවා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද?
මොන තරම් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දිගටම සපයමින් ඉන්නවා
බයිබලයේ කලින්ම කියලා තිබුණු විදිහට ශුභාරංචිය දේශනා කරන එක “ජනාවාස වූ මුළු පොළොව පුරාම” සිද්ධ වෙනවා.—මතෙ 24:14
විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අපේ උපරිම සහයෝගය දෙන්න පුළුවන් කොහොමද?