Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - දුරකථනයෙන් සාක්ෂි දරන්න

සේවයේ දක්ෂ වීමට - දුරකථනයෙන් සාක්ෂි දරන්න

ඒක වැදගත් ඇයි? දුරකථනයෙන් සාක්ෂි දරන එක “ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක්” දරන්න හුඟක් උදව් වෙනවා. (ක්‍රියා 20:24) * විවිධ හේතු නිසා මුණගැහෙන්න බැරි අයට සාක්ෂි දරන්න ඒක හොඳ ක්‍රමයක්.

ඒක කරන්නේ කොහොමද?

  • සූදානම් වෙන්න. ගැළපෙන විෂයක් තෝරගන්න. කියන්න යන දේ ගැන දළසටහනක් සකස් කරගන්න. සමහර දුරකථනවල පණිවිඩ ස්වයංක්‍රීයව පටිගත කරන පහසුකම තියෙන නිසා ඇමතුම ගත්ත හේතුව ගැන සඳහන් කෙටි පණිවිඩයකුත් සූදානම් කරලා තියාගන්නත් පුළුවන්. ‘JW ලයිබ්‍රරි’ ඇප් එකට හරි jw.org® වෙබ් අඩවියට හරි යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනික උපකරණයක්, දළසටහනක් වගේ අවශ්‍ය දේවලුත් මේසයක් මත සූදානම් කරලා තියාගන්න එක ප්‍රයෝජනවත්

  • කලබල වෙන්න එපා. සාමාන්‍ය විදිහට කතා කරන්න. මූණ බලාගෙන කතා කරනවා වගේ සිනාමුසුව කතා කරන්න. නවත්ත නවත්ත කතා කරන්න එපා. පුළුවන් නම් සාක්ෂි දරද්දී තව කෙනෙක්වත් හවුල් කරගන්න. නිවැසියා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක ඔයාගේ සහායකයාටත් ඇහෙන්න ආපහු කියන්න. එතකොට ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න උදව් කරන්න එයාට පුළුවන් වෙයි

  • නැවත බැලීමකට මඟ සලසගන්න. කතා කරන කෙනා උනන්දුවක් දැක්වුවොත් ඊළඟ වතාවේ කතා කළාම සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් එයාට තියන්න. අපේ ප්‍රකාශනයක් ඊ-මේල් එකකින් හරි තැපෑලෙන් හරි එවන්නද කියලා නැත්නම් ඔයාම ඇවිත් දෙන්නද කියලා එයාගෙන් අහන්න. ඒ වගේම අපේ වීඩියෝ එකක් හරි ලිපියක් හරි මෙසේජ් කරන්නද නැත්නම් ඊ-මේල් කරන්නද කියලත් අහන්න. සුදුසු අවස්ථාවකදී අපේ වෙබ් අඩවියේ තියෙන දෙයක් ගැන කියන්නත් ඔයාට පුළුවන්

^ 3 ඡේ. ඔයාගේ ප්‍රදේශයේ දුරකථනයෙන් සාක්ෂි දරන්න අවසර තියෙනවා නම් ඒක කරද්දී පෞද්ගලික දත්ත රැකීම පිළිබඳව රටේ පවතින නීති ගැන සැලකිලිමත් වෙන්න.