Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“කුඩා කාසි දෙකක” වටිනාකම

“කුඩා කාසි දෙකක” වටිනාකම

වැන්දඹුව පරිත්‍යාග කරපු කුඩා කාසි දෙක ඒ කාලේ පොඩි කෑම වේලක් ගන්නවත් ප්‍රමාණවත් වුණේ නැහැ. (nwtsty ලූක් 21:4තම ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම” යන සටහන.) කොහොමවුණත් එයා කරපු පරිත්‍යාගයෙන් යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය ගැන එයාගේ හිතේ කොයි තරම් ලොකු අගයක්, ආදරයක් තිබුණාද කියලා පැහැදිලි වුණා. ඒ නිසා ස්වර්ගයේ ඉන්න එයාගේ පියාණන් ඒ පරිත්‍යාගය හුඟක් වටිනා දෙයක් විදිහට සැලකුවා.—මාක් 12:43.

‘යෙහෝවා දෙවි වෙනුවෙන් කරන පරිත්‍යාගයක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අපි දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ මොන වගේ දේවලටද?

  • අපි කරන්නේ පුංචි සම්මාදමක් වුණත් ඒක හුඟක් වටින්නේ ඇයි?

  • අපි ජීවත් වෙන ප්‍රදේශයට අනුව අපිට පරිත්‍යාග කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න පුළුවන් කොහොමද?—“ ඔන්ලයින් සම්මාදම් කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගන්න” කියන කොටුව බලන්න